International

නේපා­ලයේ බස් රථ දෙකක් ගඟ­කට වැටී 63ක් අතු­රු­දන්

Saturday, 13 July 2024 - 8:02 am

අධික වර්ෂාව හේතු­වෙන් සිදුවූ විශාල නායයෑම­කින් බස් රථ දෙකක් නේපා­ලයේ ගඟ­කට වැටී­මෙන් පුද්ග­ල­යන් 63 දෙනකු අතු­රු­දන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම අන­තුර සිදුවී ඇත්තේ ඊයේ අලු­යම 3.30ට පමණ කත්මණ්ඩු නුව­රට කිලෝ­මී­ටර් 100ක පමණ දුරින් පිහිටි නාරා­ය­න්ගාට් – මුග්ලින් අධි­වේගී මාර්ග­යේදී බවත්, අතු­රු­දන් වූ පුද්ග­ල­යන් සොයා දැවැන්ත මෙහෙ­යු­මක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම අන­තු­රින් දිවි බේරා­ගෙන ඇත්තේ පුද්ග­ල­යන් තිදෙ­නකු පම­ණක් බව ද වාර්තා වේ. ඔවුන් දිවි බේරා­ගෙන ඇත්තේ එම බස් රථ ගඟට වැටී­මෙන් පසු ඉන් පිට­තට පැමිණ පිහිනා ගොඩ බිමට සේන්දු ­වී­මට සම­ත් වීම හේතු­වෙනි. අන­තුර සම්බ­න්ධව පොලි­සි­යට දැනුම් දී ඇත්තේ ද එසේ දිවි බේරා­ගත් පුද්ග­ල­යන් බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අධික වර්ෂාව නායයෑමට හේතුව බව නේපාල බල­ධා­රීන් ප්‍රකාශ කර තිබේ.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT