පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් ඉවත් කර තිබෙනවා.
අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙනා සේවයෙන් ඉවත්කිරීම සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පසුගියදා (09) අනුමැතිය ලබාදී තිබෙනවා.