Local

නාඩු සහල් දෙන්න තොග වෙලදුන්ගෙන් කොන්දේසි..

Monday, 30 September 2024 - 9:29 am

සහල් මෝල් හිමියන් විසින් අත්තනෝමතික ලෙස වැඩි කල සහල් තොග මිල අඩු කර නිකුත් කිරිම නිසා පාරිභෝගිකයන්ට රජයේ පාලන මිලට සහල් අලෙවි කල හැකි බව සහල් සිල්ලර වෙලෙදුන් කියා සිටියි.

වතු ආශ්‍රිත ප්‍රදේශවල නාඩු සහල් වැඩි වශයෙන් අලෙවි වන බවත්, සහල් මෝල් හිමියන් නාඩු සහල් කිලෝවක් රු 218 ක් වැනි තොග මිලකට සිල්ලර වෙලෙදුන්ට නිකුත් කරන බවත්, නාඩු සහල් කිලෝ 5000 ක් මිල දි ගැනිමට සහල් මොල් හිමියන්ගෙන් කීරී සම්බා කිලෝ 11500 ක් අනිවාර්යෙන්ම මිල දි ගත යුතු බවයි සහල් සිල්ලර වෙලෙදුන් කියා සිටින්නේ.

නාඩු සහල් කිලෝවක් රු 218 ක් වැනි තොග මිලකට ලබා ගැනිමේදි සහල් තොග වෙලදසැලට බෑමට නාටාබි කුලියක්ද වැය වන බවත්, ඒ අනුව පාලන මිලට සහල් නිකුත් කිරිමේදි තමන්ට විශාල ලාභ ප්‍රතිශතයක් නොමැති නිසා සහල් මෝල් හිමියන් විසින් සහල් තොග මිල තවත් අඩු කල යුතු බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.

සහල් මොල් හිමියන් සම්බා සහල් කිලෝවක් රු 227 ක තොග මිලකට නිකුත් කරන බවත්, එය රු 230 වැනි සිල්ලර මිලකට අලෙවි කල යුතු බවත්, කීරී සම්බා කිලෝවක් රු 257 ක තමන්ට නිකුත් කරන බවත්, එය උපරිම සිල්ලර මිල වන රු 260 ක සිල්ලර මිලකට අලෙවි කරන බවයි සහල් සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.

සහල් සදහා විශාල පිරිවැයක් දැරුවද එමගින් විශාල ලාභයක් සිල්ලර වෙලෙන්දාට නොලැබෙන බවත්, සහල් මෝල් හිමියන් සහල් අලෙවියෙන් විශාල ලාභයක් උපයන බවයි සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT