ටේලර් ස්විෆ්ට්ගේ ඊරාස් ප්‍රසංග මාලාවට සමගාමීව ඔස්ට්‍රියාවේ වියානා හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංග තුනම අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
එයට හේතුව එම ප්‍රසංගයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම හඳුනාගනිමිනි.
ප්‍රසංග ඉලක්ක කර ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කිරීමට සැකපිට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.