Local

ඩයනා ගියාට සජබට මන්ත්‍රී ධුර අහිමි වන්නේ නෑ

Monday, 13 May 2024 - 8:15 am

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහිමි වූ පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරත් අහිමි වන බවට සිදු කරන ප්‍රකාශයන්ගේ කිසිදු… ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කිසිසේත් එවැනි දෙයක් සිදුනොවන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය.

සමගි ජන බලවේගයට සභාපතිවරයකු සහ මහ ලේකම්වරයකු සිටින නිසා ඩයනා ගමගේට කිසිදු බලපෑමක් සමගි ජන බලවේගයට හෝ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකුට සිදුකිරීමට නොහැකි බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර,

ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ගොනු කර තිබූ පෙත්සමේ අවසන් තීන්දුව ලබා දීලා තිබෙනවා. ඒ තීන්දුව සමඟ අධිකරණය පිළිබඳ තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා. ඒ වගේම ඩයනා ගමගේ ප්‍රකාශ කරලා තිබුණා එතුමියගේ මන්ත්‍රී ධුරය නැති වුණා වගේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරත් අහිමි වෙනවා කියලා. ඩයනා ගමගේ මොනවා ප්‍රකාශ කළත් පක්ෂයට සභාපතිවරයකු සහ මහ ලේකම්වරයකු සිටිනවා නම් එතුමියට කිසිදු බලපෑමක් සමගි ජන බලවේගයට හෝ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකුට සිදුකරන්න බෑ. ඩයනා ගමගේ බොරු විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් පෙන්වලා සමගි ජන බලවේගයත් නොමඟ යවලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කූට ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කරනවා. අවසානයේ රැවටුණේ සමගි ජන බලවේගය නෙවෙයි ඩයනා ගමගේයි. ඒ වගේම රාජ්‍ය ඇමැතිවරියක ලෙස කටයුතු කළ කාලයේ ලබාගත් වරප්‍රසාද දීමනා සියල්ල රජයට ගෙවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT