Local

රනිල් කියන්නේ රට විකුණා කජු කාපු ජනාධිපති කෙනෙක්…

Sunday, 10 November 2024 - 9:40 am

රනිල් වික්‍රමසිංහ යනු රට විකුණා කජු කෑ ජනාධිපති කෙනෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

‘රනිල් වික්‍රමසිංහ මේ දවස්වල කියන දේවල් මොනවද කියලා එයාවත් දන්නෑ. සමහරවිට පරාජයේ කම්පන තත්ත්වයක් නිසා ඔළුව විකාර වෙලාද දන්නෙ නෑ. බොරු කතා ගොඩක් කියනවා.

වැටුප් වැඩි කරලා ගියා නම් මොකක් ද වැය ශීර්ෂය කියලා රටට කියන්න කියලා මං අභියෝගයක් කරනවා. හැබැයි හීනයක් දැකල කීවද දන්නෙ නෑ. ඒත් අපි ඒක කරනවා.

එයා කරන්න හිටපු සමහර වැඩ අපි වෙනස් කළ බව නම් ඇත්තක්. උදාහරණයක් විදිහට එතුමා නිවාස බද්දක් යෝජනා කරලා තිබුණා. කෙනෙකුට ගෙවල් දෙකක් තිඛිලා එක ගෙයක් කුලියට දෙනවා නම් ඒකට බද්දක් ගහන්න තීරණයක් අරන් තිබුණා, එක අපි ඉවත් කළා.

පඩි වැඩි කිරීම නෙවෙයි, බදු වැඩි කිරීම තමයි එයා ක්‍රියාත්මක කරන්න තීන්දු කරලා තිබුණේ. මිල්කො එකයි. කිරි ගොවිපළ වල් 31යි. අක්කර 28,0003 විකුණන්න හිටියෙ. අපි ඒකත් නැවැත්තුවා. දැන් ලාභ ලබමින් දුවන්න පටන් අරන් තියෙන්නෙ.

ශ්‍රී ලංකන් එයාර් විකුණන්න වෙන්දේසියෙ දාලා තිබේ. අපි ඒකත් තවත්තලා, දැන් යම් කිසි විදිහකට වියදම් අවම් කරලා නැවත ගොඩගන්න උත්සාහ කරමින් ඉන්නෙ.

එයා රට විකුණලා කජු කාපු ජනාධිපති කෙනෙක්. අපි රටේ සම්පත් ආරක්ෂා කරන අලුත් දේශපාලන සංස්කෘතිය පටන් අරන් තියෙනවා.ආරක්ෂාආරක්ෂා


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT