International

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුත්තු තිදෙනෙක් මරුට – මුනුපුරෝ තිදෙනාත් මිය යති

Saturday, 13 April 2024 - 9:33 am

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියාගේ පුතුන් තිදෙනකු සහ මුනුපුරන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනට කටාර් රාජ්‍යයේ පදිංචිව සිටින හමාස් නායකයා මේ බව තහවුරු කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. හමාස් නායකයාගේ පවුලේ සාමාජිකයන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ඊදුල් ෆිත්ර් රමලාන් උත්සව දිනය යෙදී තිබූ පෙරේදා ගාසා තීරයේ සරණාගත කඳවුරක සිටින සිය ඥාතීන් මුණ ගැසීමට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

මෙය තම පවුලේ සාමාජිකයන් ඉලක්ක කරමින් සිදු කළ පළමු ප්‍රහාරය නොවන බවත්, මීට පෙර පසුගිය නොවැම්බරයේදී ගාසා තීරයේ පිහිටි තම නිවෙසට ඊශ්‍රායල යුද ගුවන් යානා මගින් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඉස්මායිල් හනියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. එසේ වුවද ඉන් ඊශ්‍රායලය සමඟ සිදු කරන සටන් විරාම සාකච්ඡා සඳහා බලපෑම් එල්ල නොවනු ඇතැයි ද හමාස් නායකයා ප්‍රකාශ කර තිබේ.


Top Stories
wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT