International

පාකිස්තාන දේශසීමාව අසල ත්‍රස්ත ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක නිලධාරීහු 5ක් මරුට

Saturday, 13 April 2024 - 9:44 am

දකුණුදිග ඉරානයේ පාකිස්තාන දේශසීමාව අසළ පිහිටි සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේදී සටන්කාමී කණ්ඩායමක් විසින් සිදු කළ ප්‍රහාර දෙකකින් ඉරාන ආරක්ෂක නිලධාරීන් පස්දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයේ දෙවැනි විශාලතම ප්‍රාන්තය ලෙස සැලකෙන සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේ රාස්ක් සහ චබහාර් දේශසීමා මුරපොළ ඉලක්ක කරමින් එම ප්‍රහාර සිදු වී ඇති අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සහ ඉරාන පොලිසියේ නිලධාරින් පස්දෙනකු මිය ගිය අය අතර සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත්තේ රාත්‍රී කාලයේදි බවත්, ප්‍රහාරයෙන් තවත් නිලධාරින් 10කට අධික පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම ප්‍රහාර ද්විත්වයේ වගකීම ජයිෂ් අල් ආද්ල් නමැති සටන්කාමී කණ්ඩායමක් විසින් භාරගනු ලැබූ බව ද වාර්තා වේ.

එම කණ්ඩායම පාකිස්තාන දේශ සීමාවේ සිට ක්‍රියාත්මක වන කණ්ඩායමක් වන අතර, ඉරාන මුරපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ පාකිස්තාන රජය සිය කනගාටුව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. ජයිෂ් අල් ආද්ල් කණ්ඩායම මෑත කාලයේ පාකිස්තාන දේශසීමාවේ සිට ඉරාන දේශසීමා ආරක්ෂක නිලධාරීන්ට වරින් වර ප්‍රහාර එල්ල කර ඇති අතර, පසුගිය දෙසැම්බරයේදී එල්ල කළ ප්‍රහාරයකින් රාස්ක් දේශසීමාවේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි ඉරාන පොලිස් නිලධාරීන් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ.


Top Stories
wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT