Local

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

Sunday, 01 December 2024 - 7:34 am

උතුරු පළාතේ ජනතාවගේ ආරක්ෂක අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා යාපනයේදී සඳහන් කර ඇත.

ගංවතුරින් පීඩාවට පත්ව ඇති උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගියදා යාපනයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්වරයා සහභාගි වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර තිබේ.

ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කර ඇතැයිද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණ ගෙන ඇතැයිද ඔහු එහිදී පවසා ඇත.

කෙසේ වෙතත් ඒ කිසිදු තීරණයකින් ජනතාව පීඩාවට පත් නොකරන බවද ලේකම්වරයා සඳහන් කර ඇත.

ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ දැනටමත් උතුරු පළාතේ වසා දමා තිබුණු මාර්ග කිහිපයක් විවෘත කිරීමට කටයුතු කර ඇති අතර ආරක්ෂක අංශ සතුව පැවැතුණු ඉඩම් කිහිපයක්ද ජනතාව වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතාද සහභාගි වී තිබේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT