International

වසර 2023දී ඉන්දියාවෙන් ලක්ෂ 25ක් ඩුබායි ගිහින්

Wednesday, 28 February 2024 - 7:56 am

වසර 2023දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉන්දීය ජාතිකයන් මිලියන 2.46ක් සංචාරය කර ඇතැයි එරට දත්ත සංඛ්‍යාලේඛන වාර්තාවලින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය පශ්චාත් කොවිඩ් කාලසීමාවේදී එමිරේට්ස්හි සංචාරය කළ පිරිස අතුරින් 25% ක වර්ධනයක් බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මේ වන විට ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඩුබායි ආර්ථික සහ සංචාරක දෙපාර්තමේන්තුව මඟින් වසර 5ක වීසා බලපත්‍ර හඳුන්වා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක සංචාරක ක්ෂේත්‍රයේ එක් රටක සංචාරය කළ වැඩිම විදේශිකයන් පිරිස ද ඉන්දීය ජාතිකයන් වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

වසර 5ක වීසා ක්‍රමවේදයක් ඉන්දීය සංචාරකයන්ට හඳුන්වා දීමට ඩුබායි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ එය සැලකිල්ලට ගනිමින් බවත්, එම සංචාරක වීසා ක්‍රමවේදයට අනුව දින 90ක වීසා බලපත්‍ර තවත් දින 90කට දීර්ඝ කිරීමට ඉන්දීය සංචාරකයන්ට අවස්ථාව ලැබී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නව ක්‍රමවේදය යටතේ ඉන්දීය ව්‍යාපාරිකයන්ට සහ විනෝදාස්වාදය ඉලක්ක කරගත් සංචාරකයන්ට වසර 5ක් පුරා වීසා බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT