Local

රනිල්ට සහ අනුරට සජිත්ගෙන් පිළිතුරු

Thursday, 05 September 2024 - 10:36 am

කිසිදු අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට ගොඩනැගීම සඳහා හොඳම වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු වන අතර එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිම සඳහා කැපවී සිටින බව ඔහු පෙන්වාදෙයි.

ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේ පැවති සමගි ජන සන්ධානයේ ප්‍රචාරක රැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

'ජනතා විමුක්ති පෙරමුණයි, ජනාධිපතිවරයයි එකට එකතුවෙලා, අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක, බොරුවට කට කතා හදලා, මුහුණුපොතේ සහ විවිධ වෙබ් අඩවිවලට මුදල් ගෙවලා ප්‍රවෘත්ති දානවා අපි එකතුවෙනවා කියලා. මම ඔබට කියන්න කැමතියි, 21 වෙනිදාට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරලා, අපි එකතුවෙන්නේ මේ රටේ ලක්ෂ 220ක් පොදුජනතාව එක්කයි. අපි මේ ජරාජීරණ වුණු අන්ත දූෂිත දේශපාලන හවුල්වලට යන්නේ නෑ. ජනාධිපතිටයි මාලිමාවේ නායකයාටයි ලොකු ආසාවක් තියෙනවා එකතුවෙන්න. ඒ දෙන්නට ඕනේ නම් එකතුවෙන්න පුළුවන්. සමගි ජන සන්ධානය මොනම හේතුවකටවත් රට විනාශ කරන කල්ලි එක්ක එකතුවෙන්නේ නෑ.'


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT