International

චීනය ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් ගවේෂණ වේදිකාව ඉදිකරයි

Tuesday, 13 August 2024 - 12:30 pm

ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල්, ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහනය කිරීමේ වේදිකාව සම්පූර්ණ කර භාරදී තිබෙනවා.

චීනයේ Shandong පළාතේ Qingdao නගරයේ ඉඳිකර ඇති එය චීනයේ මහා පරිමාණ සාගර තෙල් සහ ගෑස් උපකරණ ඉදිකිරීමේ තාක්ෂණයේ ඉදිරි ගමනක් සනිටුහන් කිරීමක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Qingdao නගරයේ ‘ජාත්‍යන්තර ඉහළ පෙළේ උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයේ’ ඉදිකිරීමක් වන මෙම ‘Mazoun තෙල් හා ගෑස් ගවේෂණ වේදිකාව’ ටොන් 17,000කට වඩා බර වන අතර එය දැනට ලෝකයේ පවතින විශාලතම තෙල් හා ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහන කිරීමේ වේදිකාව වනවා.

මාස 34 ක ඉදිකිරීම්වලින් පසු එය අද(12) නිල වශයෙන් භාරදීම සිදු කර ඇති බව සඳහන්.

අගෝස්තු මස අවසානයේදී එය විශාල ප්‍රවාහන නෞකාවක ආධාරයෙන් නාවික සැතපුම් 6,400 ක් දුරින් පිහිටි සෞදි අරාබියේ සාගර ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට පිටත් කෙරෙනු ඇති.

මෙම වේදිකාව එහි Mazoun තෙල් බිමේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට යොදා ගැණෙන අතර එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු Mazoun තෙල් බිමේ වාර්ෂික බොරතෙල් නිෂ්පාදනය ටොන් මිලියන 24ක් දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


Top Stories
wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT