Sports

ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ වසර 12කට පසු හෙට විස්සයි20 පිටි­යේදී හමු­ වෙයි

Saturday, 13 January 2024 - 5:51 am

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. මේ තරග සියල්ල ආරම්භ වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 7.00ටය.

වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු මුහුණ දෙන පළමු අභියෝගය මෙය වන අතර, සිකන්දර් රාසා ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ පිලට නායකත්වය දෙන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. ඔහු මින් පෙර 2015 වසරේ සිට පසුගිය වසර දක්වා වරින් වර අවස්ථා 11කදී කණ්ඩායම මෙහෙයවා ඇති අතර, ඉන් තරග 7ක් ජය ගැනීමට සමත්ව ඇත.

මේ දෙරට විස්සයි20 පිටියේදී හමුවන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට 2012 වසරේ හම්බන්තොටදී දෙපිල විස්සයි20 තරගයකින් හමුව ඇති අතර, එම තරගය ලකුණු 82කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දෙරට අතර හෙට පැවැත්වෙන්නේ සිවුවැනි විස්සයි20 තරගය වන අතර, මින් පෙර පැවති තරග ත්‍රිත්වයේම ජය ශ්‍රී ලංකා පිල සතුවී තිබේ.

මේ වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීම මේ කණ්ඩායම් දෙකෙම අරමුණ වී ඇති බැවින් මේ තරගාවලිය ක්‍රීඩකයන්ට සිය ස්ථාන රැක ගැනීම වෙනුවෙන් තීරණාත්මක වී තිබේ.

ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් වසර ගණනාවකට පසුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කැඳවමින් කණ්ඩායම ශක්තිමත් කිරීමට නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

මැතිව්ස් 2021 වසරේ මාර්තු මස බටහිර ඉන්දීය පිලට එරෙහිවත්, අකිල එම වසරේ සැප්තැම්බර් මස දකුණු අප්‍රිකාවට එරෙහිවත් අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කර තිබේ. ඩෙංගු උණ හේතුවෙන් එක්දින තරගාවලිය අහිමි වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකත් මේ තරගාවලියට නම් කර ඇති අතර, කෙසේ වෙතත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තරගාවලියට ක්‍රීඩා කිරීම තීරණය වනු ඇත.

විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගය 16 වැනිදාත්, අවසන් තරග 18 වැනිදාත් පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අකිල ධනංජය, පැතුම් නිශ්ශංක (ශාරීරික යෝග්‍යතාව මත).

සිම්බාබ්වේ විස්සයි20 සංචිතය – සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, ක්‍රෙග් අර්වින්, ජෝයිලෝඩ් ගම්බී, ලූක් ජොන්වේ, ටිනාශි කමුනුකම්වේ, ක්ලයිව් මඩාන්ඩේ, වෙලිංටන් මසකඩ්සා, කාල් මම්බා, ටෝනි මුනියොන්ගා, බ්ලෙසිං මුසරබානි, ඒන්ස්ලි න්ලෝව්, රිචඩ් න්ගරාවා සහ මිල්ටන් ෂුම්බා.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT