International

ඉන්දු - පාකිස්ථාන සටන් විරාම​ය උල්ලංඝණය කිරීම ගැන දෙපාර්ශවයෙන්ම චෝදනා

Sunday, 11 May 2025 - 8:32 pm

ඉන්දියාව සහ පාකිස්ථානය ඊයේ (10) දින​යේ පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වුවද ඊයේ රාත්‍රියේම එම සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බව දෙපාර්ශවය විසින් චෝදනා නගනවා.

ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පාකිස්තානය සටන් විරාමය නැවතත් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති අතර නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 'දැඩි ලෙස කටයුතු කිරීමට ​ඉන්දීය හමුදාවට උපදෙස් ලබාදී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටියද ඉන්දියාව විසින් සටන් විරාම ගිවිසුම කඩකර ඇති බවයි.

ඉන්දියාව සහ පාකිස්ථානය, පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (10) ප්‍රකාශ කළ අතර ඉන් අනතුරුව ඉන්දියාව සමග සටන් විරාමයකට එකඟ වූ බව, පාකිස්ථාන උප අගමැති ඉෂාක් ඩර් ​ද ඉන්දී​ය විදේශ අමාත්‍යවරයාද එය තහවුරු කර තිබුණා.

පසුගිය අප්‍රේල් 22 වැනිදා ජම්මු - කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයින් 26 දෙනෙකු මියයෑමත් සමග ඉන්දියාව සහ පාකිස්ථාන අතර විරසක​ය යළි අලුත් වුණා.


Top Stories
wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT