Local

කිතුල් ගසින් වැටුණු සිව් දරු පියා මරුට

Friday, 08 March 2024 - 8:20 am

යටියන්තොට, කිතුල්ගල, මහබාගේ ප්‍රදේශයේ පුද්ගලයකු අඩි 25 ක් පමණ උසැති ගසක කිතුල් මදිමින් සිටියදී ඇදවැටී (06) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිතුල්ගල පොලිසිය පැවැසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ කිතුල්ගල, මහබාගේ, අංක 04 ජනපදයේ පදිංචිව සිටි 66 හැවිරිදි අතුලහේන ලේකම්ලාගේ ප්‍රේමසිරි නමැති සිව් දරු පියෙකි.

ඔහු කාලයක සිට කිතුල් කර්මාන්තයේ නියැළී සිටින බවත්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිතුල්ගල ප්‍රදේශයේ කිතුල් මදින්නන්ට තම ආරක්ෂාවට ආරක්ෂක බඳ පටි දී ඇතත් මිය ගිය පුද්ගලයා එම ආරක්ෂක බඳ පටි නොපැලඳ කිතුල් ගස්වලට නගින බවත් පොලිසිය පැවැසීය. ඉකුත් 05 වැනිදා පෙරවරුවේ නිවෙසේ සිට මීටර් 300ක් පමණ ඈතින් පිහිටි කිතුල් ගස් මැද යළි නිවෙසට පැමිණ ආපසු සවස කිතුල් මැදීමට ගොස් ඇත.

එලෙස ගිය පියා නොපැමිණීම හේතුවෙන් දියණියක් පියාව සොයා ඇති බවත්, පසුව (06) අලුයම කිතුල් ගසක් යට වැටී සිටියදී තම පියා දියණිය විසින් සොයාගෙන ඇති බවත් පොලිසිය පැවැසීය.

පසුව කිතුල්ගල පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අනුරපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් විදානරච්චි (76710) සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ජගත් චන්දික රූපසිංහ මහත්වරුන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කර වැඩිදුරටත් පරීක්ෂණ සඳහා දේහය කිතුල්ගල රෝහලට රැගෙන ගොස් තිබුණි.

කිතුල්ගල රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්. එම්. බී. කේ. හේරත් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ. ගසකින් වැටී ශරීර අභ්‍යන්තරයේ වූ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කළේය.

එහිදී හදිසි මරණ පරීක්ෂකවරයා අදාළ ග්‍රාම නිලධාරිවරයා ගෙන්වා කියා සිටියේ ප්‍රදේශයේ කිතුල් මදින්නන්ට යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරක්ෂක බඳ පටි දී ඇති බවත් බඳ පටි නොපැලඳ ගස් නගින්නන්ට නීතිමය පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT