International

ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ ගැටුම් දරුණු අතට

Friday, 09 May 2025 - 1:08 pm

ජම්මු කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය මුල් කරමින් ඉන්දීය ගුවන් හා යුද හමුදා ඒකාබද්ධව පාකිස්තාන කාශ්මීරයේ සිදු කළ ගුවන් ප්‍රහාරයත් සමඟ දෙරටේ දේශසීමා ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුව දරුණු අතට හැරී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. පෙරේදා රාත්‍රියේදී අඛණ්ඩව වෙඩි හුවමාරු සිදුවී ඇති අතර, දේශසීමා යුදගැටුම් ඉහළ යෑමේ අවදානම මත ඒ අවට ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර රැස් කිරීම සඳහා පෙළඹී ඇතැයි ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දීය දේශසීමාව ආසන්නයේ පිහිටි පන්ජාබ් ප්‍රාන්තයේ පාසල් වසා දමා ඇතැයි ද, දැඩි අවධානයෙන් පසුවන ලෙස ඒ අවට රෝහල් වෙත පාකිස්තාන හමුදාවෙන් අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

මේ අතර පාකිස්තාන හමුදාව දේශසීමා සටන් විරාමය කොන්දේසි උල්ලංඝනය කරමින් ජම්මු කාශ්මීරයේ දේශසීමා ගම්මානයකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සිවිල් වැසියන් ඉලක්ක කරගත් එම ප්‍රහාරවලින් නිවාස රැසක් විනාශයට පත්වූ බවත්, ගම්වාසීන් නිවාස අතහැර පලා ගොස් ඇති බවත් ජම්මු කාශ්මීර් බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT