Local

අද සවස 6 වන විට ඡන්ද ගණනය අවසන් -පළමු ප්‍රතිඵලය රෑ 11ට මැතිවරණ කොමිසම

Tuesday, 06 May 2025 - 6:29 pm

පළාත් පාලන ආයතන 339ට අදාළව අද (06) පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 6.00 පමණ වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිනමිණ‘ට පැවසීය.

ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ ඡන්ද මධ්‍යස්ථානයේදීම බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය සවස 4.00ට අවසන් වීමෙන් අනතුරුව ඡන්දය ගණන් කිරීම ආරම්භ කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

තේරීම් භාර නිලධාරීන් හරහා එම ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් නිල ඡන්ද ප්‍රතිඵලය ඉන් අනතුරුව නිකුත් කෙරෙන බව ද එම ප්‍රකාශකයා පැවසීය.

අවම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් ඇති ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රතිඵල පළමුව නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT