International

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Saturday, 31 May 2025 - 10:34 pm

ඉන්දියාවේ තෙලන්ගානා හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද(31) පස්වරුවේ පැවති 72 වන ලෝක රූ රැජින අවසන් මහා තරඟයේදී 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබුවාය.

21 හැවිරිදි ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය සඳහා ඇයගේ විශ්වාසය, කරුණාව සහ කැපවීම සමඟ මෙම තරගාවලියේ දී කැපී පෙනුණු චරිතයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන ඔපල් සුචතා චුංශ්‍රී, තායි, ඉංග්‍රීසි සහ චීන භාෂා චතුර ලෙස හැසිරවිය හැකිය. ඇය මහජන සේවයේ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටියි. විශේෂයෙන් පියයුරු සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කිරීම සහ කාන්තාවන් අතර නිතිපතා පරීක්ෂාවන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන “ඔපල් ෆෝ හේර්” නම් ඇගේ ව්‍යාපාරය පිළිබඳව මෙම තරගයේ දී ඇය පැහැදිලි කළේය.

ඒ අනුව ලොව පුරා තරඟකාරිනියන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ දැඩි තරඟයකින් පසුව ඇයට මෙලෙස කිරුළ හිමි විය.

දෙවැනි ස්ථානයට පත්වූයේ ඉතියෝපියාව නියෝජනය කළ හැසෙට් ඩෙරේජ් ඇඩ්මාසු තරගකාරියයි.

තෙවැනි ස්ථානයට පත්වූයේ පෝලන්තය නියෝජනය කළ මාජා ක්ලජ්ඩා වේ.

ලෝක රූ රැජින තරගයේ සිව් වැනි ස්ථානයට පත්වූයේ මාර්ටනික්‍යු රාජ්‍ය නියෝජනය කළ ඕරේලි ජෝකිම් තරගකාරියයි.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT