Entertainment

පොළොන්නරුව පූජා නගරයේ අතීතය තවත් ඈතට හමුවෙයි

Tuesday, 06 August 2024 - 11:57 am

ලයිඩා තාක්‍ෂණයෙන් කළ පර්යේෂණවලින් අනාවරණය වේ

ලයිඩා තාක්ෂණය ඔස්සේ පොළොන්නරුව පූජා නගරයේ ඉතිහාසය තවදුරටත් විහිදෙන බවට පුරාවිද්‍යා පර්යේෂණයකින් අනාවරණය වේ.

පොළොන්නරුව ඉපැරණි පූජා නගරය සහ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ලයිඩා තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා 03 දා දහවල් මාධ්‍ය වෙත අනාවරණය කළේය.

මේ අනුව ඉපැරණි පරාක්‍රමබාහු මාලිගයේ සිට උතුරු දොරටුව දක්වා පොකුණු මාර්ග සහිත උද්‍යාන භූමියක නටබුන් දැකගත හැකි වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ලයිඩා තාක්ෂණයේ විශේෂත්වය වනුයේ ඉතාමත්ම ඝන කැලෑවක තිබෙන පුරාවිද්‍යාත්මක නටබුන් මීටර් තුනක් පොළොව යට නිරීක්ෂණය කර බැලීමට හැකි වීම බව බව ඒ මහතා මෙහිදී පැවසීය.

ඔස්ටේ්‍රලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව මසක පමණ සිට මෙහි කැණීම් කටයුතු සිදු කරන අතර මෙමගින් චීන කාසි සහ චීන යුගයේ භාවිත කරන ලද මැටි බඳුන් ද පරාක්‍රමබාහු රජමාලිගා පරිශ්‍රය තුළ සිදු කරන ලද කැණීම්වලින් සොයා ගත් බව ඒ මහතා පැවසීය.

මෙම කාසි චීනයේ 10 සහ 12 වැනි සියවස්වලට අයත් සෝන් යුගයේ චීන කාසි බවද ඒ මහතා කීය. පොළොන්නරුව යුගයට වඩාත් ඓතිහාසික අතීතයක් සහ පුරාතනයක් ජනාවාස යුගයක් තිබුණු බවට මෙසේ හමුවූ මැටි බඳුන් කැබලි තුළින් අනාවරණය වනු ඇතැයි ඒ මහතා තවදුරටත් කීය.

මෙහිදී හමු වූ චීන කාසි, පබළු සහ මැටි බඳුන්වල කාලනිර්ණය කිරීමට විද්‍යාගාර පර්යේෂණ සඳහා තවදුරටත් යොමු කළ යුතු බවද පැවසූ ඒ මහතා ඉතිහාසයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා තිබුණු බවට ඉතිහාස පොතපතේ සඳහන් කරුණු පොළොන්නරුව යුගයේදී සාක්ෂි සහිතව තවදුරටත් ඔප්පු වන බවද ඒ මහතා අවධාරණය කළේය.

මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ජී.පී.ආර්. තාක්ෂණය (පොළොව ස්කෑන් කිරීම තුළින්) ලබා ගත් පුරාවිද්‍යාත්මක සාධක සහ ලයිඩා තාක්ෂණය ඔස්සේ ලබාගත් සාධක පුරාවිද්‍යාත්මක සාධකවලට සමාන බවය.

මෙම පුරාවිද්‍යාත්මක පර්යේෂණය සහ හමුවූ සාධක පිළිබඳව ඔස්ටේ්‍රලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය කියස්ටි්‍රක්ලන් මහතා ද අදහස් පළ කළේය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT