Sports

එංගලන්ත පළමු ඉනිම ලකුණු 427කට සීමා වෙයි

Friday, 30 August 2024 - 6:20 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (30) ක්‍රියාත්මකයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුළු 7ක් දැවී ලකුණු 358ක් රැස් කළ අතර දෙවැනි දිනයටත් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම අද (30) සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 427ක් පමණයි. එහිදී Joe Root ලකුණු 143ක් රැස් කිරීමට සමත් වූ අතර Ben Duckett ලකුණු 40ක් සහ Harry Brook ලකුණු 33ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා. එමෙන්ම Gus Atkinson නොදැවී ලකුණු 118ක් රැස් කළ අතර Matthew Potts ලකුණු 21ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී Asitha Fe ando කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. එමෙන්ම Milan Rathnayake සහ Lahiru Kumara කඩුළු 2 බැගින් දවා ගත් අතර Prabath Jayasuriya එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. පළමු ටෙස්ට් තරගයෙන් ලද පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ තරගාවලිය එකට එකක් ලෙස සම කර ගැනීමේ අරමුණ ඇතිවයි.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT