International

පාකිස්තාන රජයට එරෙහිව හෙට බලුකිස්තානයේදී දැවැන්ත ජන රැලියක්

Saturday, 13 April 2024 - 9:38 am

පාකිස්තානයේ අලුතින් පිහිටුවනු ලැබූ විරුද්ධ පක්ෂවල ප්‍රබල සන්ධානය සමඟ එක්ව (13) බලුකිස්තානයේදී දැවැන්ත මහජන රැලියක් පවත්වන බව ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂය නිවේදනය කර ඇතැයි පාකිස්තානයේ ‘එක්ස්ප්‍රස් ට්‍රිබියුන්‘ පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තානයේ වත්මන් රජයට එරෙහිව දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම එම රැලියේ අරමුණ බව ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

බලුකිස්තානයේ පිෂින් දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත එම ජනතා රැලිය ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය සහ සෙසු විරුද්ධ පක්ෂවල දැවැන්ත සන්ධානයක් ගොඩ නැඟීමට ඉවහල් වනු ඇතැයි ද එම පක්ෂයේ නියෝජිතයන් විශ්වාසය පළ කර තිබේ. එම සියලුම පක්ෂ පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්තාන මහමැතිවරණයේ ප්‍රතිළුල පිළිබඳ සෑහීමකට පත් නොවන බවත්, ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය සිරගත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන කටයුතුවල නිරත වු සෙසු පක්ෂවල සාමාජිකයන් සිරගත කිරීම හෙළා දකින බවත් ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.

 
 
 
 


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT