Local

ජවිපෙ බලයට ආවොත් හමුදා, පොලිසි විසුරුවලා පක්ෂයේ ආරක්ෂක හමුදාවක් හදනවා කියා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ තියෙනවා…

Tuesday, 17 September 2024 - 10:16 am

ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසුරුවා හැරලා ජනතා කියලා. ඒ කියන්නේ පක්ෂයේ ආරක්ෂක හමුදාවක් හදනවා කියලා. විශේෂයෙන්ම රහස් පොලිසිය විසුරුවනවයි කියලා තියෙනවා. පොලිසිය විසුරුවනවයි කියලා තියෙනවා. මේ කට්ටියට උදව් කරනවා කියන්නේ රටක ආණ්ඩුවක් ආයුධ සන්නද්ධව පෙරළන්න ගිය කල්ලියකට උදව් කිරීම

මේ එක ඡන්දයෙන් අපට පුළුවන් මහින්ද රාජපක්ෂගේ යුගය අවසන් කරන්න, එක්සත් ජාතික පක්ෂය වෙලාගෙන අවුරුදු තිහක් හිටපු රනිල් වික්‍රමසිංහ බූවල්ලාව දේශපාලනයෙන් සම්පූර්ණයෙන් පරාජය කරලා ඉදිරියට මේ රට ඉදිරියට ගෙනියන්න, අරගලයට මුවා වෙලා නැවත වතාවක් හිස ඔසවන රතු පාතාලය පරාජය කරලා, ජාතික, ආගමික, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අත්පත් කර ගන්න.

රනිල් වික්‍රමසිංහට ලබා දෙන ඡන්දය අපතේ යන ඡන්දයක් බවත්, පොහොට්ටුවේ සහ රනිල්ට ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වන සියලු දෙනා ඡන්දය අපතේ නො හැර සජිත් ප්‍රේමදාසගේ ජය මාවත වෙත එක් වන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටියි. රනිල් වික්‍රමසිංහට ලබා දෙන ඡන්දය අනුර දිසානායකට අතිරේක වාසියක් සලසන ඡන්දයක් බව ද හෙතෙම පෙන්වා දෙයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම පිණිස අනුරාධපුරයේ දී පැවති විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“ආදරණීය, ඓතිහාසික අනුරාධපුරයේ අපේ රජරට අගනගරයේ අපේ වීරෝදාර ජනතාවනි, ඔබට තවත් තව දවස් කීපයකින් මේ රටේ විධායක ජනාධිපති, රටේ නායකයා තෝර ගන්න වෙලා තියෙනවා. ඒ රාජ්‍ය නායකයා අපි තෝර ගන්න යන්නේ අවුරුදු පහකට. හැබැයි මේ පාර අපට අපේ රාජ්‍ය නායකයා තෝර ගන්න වෙලා තියෙන්නේ පරම්පරාවක අනාගතය තීරණය කර ගැනීම සඳහා යි. මතක තබා ගන්න 2022 අපි විශාල දුක් කන්දක් වින්දා. මම අමුතුවෙන් කියන්න ඕන නෑ. විදුලි, ජලය, තෙල්, පොහොර, බෙහෙත්, ආහාර තිබුණෙ නෑ. ඒ ඇයි රට බංකොලොත් වෙච්ච නිසා. ඇයි රට බංකොලොත් වුණේ? ණය ගෙවා ගන්න බැරි වෙච්ච නිසා. දැන් අපි ණය ගෙවනවා ද
මොකක්ද අපේ ජනාධිපති කරලා තියෙන වික්‍රම? එතුමා මොකක් වත් විශේෂ වික්‍රමයක්, විශේෂ මැජික් එකක් කරලා නෑ. එතුමා කරපු එක ම දේ තමයි, මේ ණය ගෙවීම 2028 ඉඳන් 2042 ට අවුරුදු 18ක් කල් දාපු එක. හැබැයි තාමත් එතුමාට බැරි වුණා මේ විදේශ ණය ඩොලර් ඒ ණය ප්‍රතිව්‍යුහගත කරන්න වැඩපිළිවෙළක් හදන්න එතුමාට තාම බැරි වුණා ජාත්‍යන්තර සබඳතා තියෙන වයි කිව්වට. අවුරුදු 18ක් කියන්නේ පරපුරක්. ඒ පරපුරේ අනාගතය වෙනුවෙනුයි ඔබ ඡන්දය ලබා දෙන්නේ. ඒ නිසා රට මෙතනින් ඔබ්බට ගෙනිහිල්ලා ඔබේ රටේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගෙන රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා රට නැවත බංකොලොත් නොවන රටක් ඇති කරන්න නම් එක ම අපේක්ෂකයා ඉන්නේ. ඒ සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ සජිත් ප්‍රේමදාස පමණයි. එදා ඔබතුමන්ලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ජනවරමක් දුන්නා. අපි නාගරික සංවර්ධන අධිකාරිය හරහා මේ අනුරාධපුර නගරය හා අවට කලාපයට විශාල මෙහෙවරක් කරන්න ආරම්භ කළා. ප්‍රංශ ආධාර යටතේ මේ ශුද්ධ නගරය උපාය මාර්ගික නගරයක් හැටියට දියුණු කරන්න විශාල වැඩපිළිවෙළක් අපි දියත් කළා. දැවැන්ත පොළක් ඒක ඉදි කර ගෙන යනකොට ම ඒකට විරුද්ධ වුණා අපේ පොහොට්ටුවේ හිටපු අපේ නගරාධිපති එතන අපි විශාල නිකේතනයක් ඇති කළා. මල්වතු ඔය උතුරලා යන එක නවත්තන්න. ඒ වගේ ම මේ මාර්ග තදබදය නවත්තන්න. අපට තව අවුරුදු තුනක් තිබුණා නම් මේ ශුද්ධ නගරය වෙනම විශේෂ නගරයක් බවට අපි පරිවර්තනය කරනවා. අපි 2010දි විදුලමු ලංකා වැඩපිළිවෙළ යටතේ මේ අනුරාධපුර සෑම ගමක් නියං ගමකටම අපි විදුලිය ලබා දුන්නා.

අද මෙතන තරග ගොඩක් නෑ. දැන් මේ අවසාන දවස් කිහිපයට පෙලඹිලා තියෙන්නේ. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. ඒ වගේ ම ඈතින් පෙනී නො පෙනී මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් නාමල් පුතා ඇවිල්ලා ඉන්නවා. අපි ව මේ තත්ත්වයට දැමීමේ ප්‍රධාන වග උත්තර කරුවා හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළේ ගරු මහින්ද රාජපක්ෂව. අපි නාමල් පුතාට ඡන්දෙ දෙනව ද? අපිව බංකොලොත් කරපු මිනිස්සුන්ට අපි ඡන්දෙ දෙනව ද? එහෙනම් සජිත් ප්‍රේමදාසට ඡන්දය දීලා නාමල් පුතාව පහලට දාලා, බිංදුවට දාලා ඔබට කරන්න පුළුවන් රාජපක්ෂ පවුලේ දේශපාලනය ලබන 22 වෙනිදා සදහටම විශ්‍රාම ගන්වන්න. අනුරාධපුර වීරෝදාර ජනතාවට පුළුවන්. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහ මහත්තයා අද පෝලිම් නැති කළා කියනවා. කොහොමද? බදු පිට බදු ගහලා. අද මේ රටට ලීටරය එන්නේ 195 ට. විකුණන්නේ 332 ට. රනිල්ගේ බදු. ඒ වගේ ම ඩීසල් ලීටරය එන්නේ 201ට. විකුණන්නෙ 307ට. රනිල්ගේ බදු. ඒ වගේ ම සෑම ආහාරයකට ම බදු ගහනවා. කිරිපිටි කිලෝවකට රුපියල් 225ක් ගහනවා. ඒ වගේම අල, ළුණු මේ හැම එකකටම විශේෂ බද්දක් ගහලා තමයි රනිල් මේක කරගෙන යන්නේ. වෛද්‍ය උපාධිය, ඉංජිනේරු උපාධිය ගැනීමේ ශාපයට 36%ක බද්දක් වෘත්තීයවේදීන්ට ගහලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සැමට ජයක් පාලනය යටතේ අපි ඔබට පොරොන්දු වෙනවා ඔබට අනිවාර්යයෙන් ම මේ සහගහන බදු අයින් කරලා ආහාර, ඖෂධ, තෙල්, විදුලිය මේ සියල්ල ම අපි සහනයක් නෙවෙයි. මේවා ඇත්ත මිලට ලබා දීලා, ඔබේ විදුලි බිලත් ඉන්ධන බිලත් අඩු කරනවා. අපි මේක කයියට කියනවා නෙවෙයි. 2015 දිත් එදා අපි ඔබලා අපිට ලබා දුන් ජනවරමෙන් අපි තෙල් මිල අඩු කළා. රු. 157ට තිබිච්ච පෙට්‍රල් අපි 114ට දුන්නා නේද? 134ට තිබිච්ච ඩීසල් අපි 95ට දුන්නා නේද? නැවත එවැනි යුගයක් උදා කර ගන්න ලබන විසි 21 වෙනිදට සජිත් ප්‍රේමදාස දිනවන්න.

රනිල් ලබන අවුරුද්දේ නව බදු දෙකක් ගේන්න යනවා. අපේ ගෙදර වර්ග අඩිය මැනලා, අපේ ගෙදර වත්තේ පර්චස් එක මැනලා, කුඹුරු ඉඩම මැනලා, බැංකු එක බලලා, ඔබට තව බද්දක් ගහන්න යනවා වස්තු බද්ද කියලා. පරම්පරාවෙන් යම් දෙයක් උරුම වුණා නම්, අම්මගෙන් කණකර උරුම වුණා නම්, දුවට, තාත්තාගෙන් යම් දේපලක් උරුම වුණා නම්, පුතාට, ඒ සියල්ලටත් බද්දක් ගහන්න යනවා පරම්පරා බද්ද කියලා. අපට බදු ගහලා, අපිව නැති බැරි ශ්‍රී ලංකා කලාට, එතුමට ඉන්නවා පුළුවන් ශ්‍රී ලංකා කට්ටියක්. කවුද ඒ? මතකද වංචාවෙන්, මත්පැන් බදු නො ගෙවා, බදු පොලු තියලා, බැංකු පොලු තියලා, කෝටි ගණන් හම්බ කරපු අය. නේද? මේ විදියට පහුගිය කාලේ ප්‍රකෝටි ගණන් වංචා කරපු, වංචනික රැළ ඉන්නේ, අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පිටිපස්සේ. ඒගොල්ලෝ තමයි පුළුවන් කට්ටිය. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔබ ව මේ පුළුවන් ශ්‍රී ලංකා කියන ජාවාරම්කාරයෝ ටික ගෙ බදු අය කර ගෙන නැති බැරි ශ්‍රී ලංකාව, ගොඩනැගීමයි සජිත්ගෙ ප්‍රතිපත්තිය. ඒක තමයි අපේ සමාජවාදය.

මම ඉල්ලා හිටිනවා අපේ පැරණි පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් වලින් රනිල් දිනන්නෙ නෑ විතරක් නෙවෙයි අද තුන්වැනියා ද, හතරවැනියා ද කියන ප්‍රශ්නය තමයි එතුමට තියෙන්නේ. ඡන්දය අපතේ යවන්න එපා. ඡන්දය අපතේ යවලා, අනුර කුමාර දිසානායකට අතිරේක වාසියක් ලබා දෙන්න එපා. මේ දවස් හතරේ දී රටේ ආර්ථික නිදහස, ප්‍රජාතාන්ත්‍රික, ආගමික නිදහස වෙනුවෙන්, සජිත් ප්‍රේමදාසට ඔබේ ඡන්දය ලබා දෙන්න. ඒ ඡන්දෙන් පස්සේ අපි ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරමු. දැනට මේ සියලු ම පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන් රනිල්ට වැඩ කරන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගෙන් රනිල්ට වැඩ කරන අපි ඉල්ලන්නේ බොරු වැඩ කරලා, කාලේ නාස්ති කරන්න එපා. මේ ජයග්‍රහණයත් එක්ක, මේ ජය මාවතත් එක්ක එකතු වෙන්න කියලා.

අනුර කුමාර දිසානායකලා ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනය හැංගුවා. ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනය ගලවලා අන්තර්ජාලෙනුත් ගලවලා මාලිමාව කියලා ඔලු බක්කෙක් දා ගෙන ඇවිල්ලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසුරුවා හැරලා ජනතා කියලා. ඒ කියන්නේ පක්ෂයේ ආරක්ෂක හමුදාවක් හදනවා කියලා. විශේෂයෙන්ම රහස් පොලිසිය විසුරුවනවයි කියලා තියෙනවා. පොලිසිය විසුරුවනවයි කියලා තියෙනවා. මේ කට්ටියට උදව් කරනවා කියන්නේ රටක ආණ්ඩුවක් ආයුධ සන්නද්ධව පෙරළන්න ගිය කල්ලියකට උදව් කිරීම. සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශ කරන දේශද්‍රෝහී ක්‍රියාවක්. අපි ඒ අයට කියනවා ඔබලා සියලු දෙනා ම කරන්නේ ඓතිහාසික ද්‍රෝහී කමක් ජනතා විමුක්ති පෙරමුණ එක්ක පෙළ ගැහිලා කියලා. මේ රටේ ආගමික නායකත්වයෙන් අපි ඉල්ලනවා දැන් අනුර දිසානායක මහත්තයත් අනුරාධපුරයට ආවා. ජයසිරි මහා බෝධියට ගියා. වඳිනවා එහෙම ඡායාරූපයක් වත් තියෙනවා ද? වඳින එකේ ෆොටෝ ගැහුවද? දන්නවා ද හේතුව? මෙන්න මේකේ කියලා තියෙනවා හේතුව. මොකක්ද? ඒගොල්ලෝ හදන්නේ ආගම් නැති රාජ්‍යයක් ලු. ලෞකික නිරාගමික රාජ්‍යයක් ලු ඒගොල්ලෝ හදන්න යන්නේ. ඒ වගේ ම අධ්‍යාපනයෙන් ආගම අයින් කරනවා ලු. ඒ අනුව ඉස්කෝලේ බුද්ධාගම හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම උගන්නලා ඉවරයි. අනුර ආවට පස්සේ ඉරිදට දහම් පාසල ඉවරයි. පිරිවෙන ඉවරයි. මද්‍රාසා එක ඉවරයි. පල්ලියේ දහම් අධ්‍යාපනය ඉවරයි. ඒක නිසා අනුර දිසානායකටත් පිරිත් නූල් ගැට ගහන කට්ටියට අපි කියන්න ඕනේ. භික්ෂූන් වහන්සේ ඝාතනය කරලා අත්වල ලේ තැවරිච්ච බලවේගයක් නිකං මේ රටේ ගෙනල්ලා විනාශ පක්ෂ විපක්ෂ හැමෝටම අපිට කියන්නේ අපට ආගමික නිදහස අවශ්‍යයි. අපේ දෙදහස් පන්සීයක මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට ගෙනාපු ඒ ශාසනය රැක ගැනීම අවශ්‍යයි.

රතු පාතාලයට මේ රටේ ශාසනය විනාශ කරන්න අපි ඉඩ දෙනවාද? එදා අපි 2005දි මහින්ද රාජපක්ෂට සහය දුන්නේ, මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගන්න. එදා අනුර දිසානායකත් අපිත් එක්ක හිටියා. දැන් නම් මතක නෑ වගේ කතා කරනවා. මොකද කළේ? අපි නැගෙනහිර ජය අර ගෙන, උතුරට යන කොට මෙයා මොකද කළේ? අපේ ආණ්ඩුව පරාජය කරන්න, පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහයි, එල්. ටී. ටී. ඊ. එකයි එක්ක එකතු වුණා. එදා ඒ ආණ්ඩුව පෙරලුනා නම් 2007 දි, නැවතත් එල්. ටී. ටී එහෙමත් ද්‍රෝහිකමක් කරලා රනිල් එක්ක එදත් එකතු වෙලා රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය ආරක්ෂා කරන්න කටයුතු කරපු කෙනෙක් අනුර දිසානායක. අද ජාතීන්ගේ සමගිය කතා කරනවා. මුස්ලිම් ජනයා ඉස්සරහ ගිහින් කතා කරනවා. මේ රටේ ඉස්ලාමීය ආගමට කරපු ලොකු ම අවමානය තමයි අර පාස්කු ප්‍රහාරය ඊබ්‍රාහිම්ගෙ. කවුද ඊබ්‍රාහිම්? ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාහිම්. අපි අනුරට කියනවා පුළුවන් නම් ඊබ්‍රාහිම්ව හොරෙන් නෙවෙයි ඇත්තට වේදිකාවට ගේන්න කියලා, මේ රටේ මුස්ලිම් ජනතාවට ලොකුම විනාශය කළේ අනුර කුමාර දිසානායකලා.

ඔබලාට වැඩි තෝරා ගැනීමේ කාලයක් නෑ. ඔබට තියෙන්නේ එක තෝරා ගැනීමයි. බදු බර අඩු වෙන්නේ කොහෙන්ද? පඩි වැඩි වෙන්නේ කොහෙන්ද? දුගියන්ට රුපියල් විසිදාහක් ලැබෙන්නේ කොහෙන්ද? රටේ ආදායම් වැඩි කර ගන්නේ කොහෙන්ද? සමහරු අහනවා අපෙන් ඔය සහන මල්ල දෙන්න සජිත්ට සල්ලි කොහෙන්ද කියලා. මේ රටේ සල්ලි ඇතිවෙන්න තියෙනවා. හංග ගත්ත සල්ලි තියෙනවා. කෝටි ගණන් සල්ලි මලු තියෙනවා. ඒවා එළියට අදින යන්ත්‍රයක් අපි හදලා තියෙනවා. මේ රට පුරාම අවුරුදු දෙකක් ඇතුළත කාසි කොළවලින් කරන ගනුදෙනු නවත්තලා ඉලෙක්ට්‍රොනික ක්‍රමය සියලු ම දෙනාට ගනුදෙනු කරන්න අපි ඉඩ සලස්වනවා. ඒ මගින් හංගපු සල්ලි එළියට අර ගෙන ඒවායින් බදු ගහලා ඒ සහනය ඔබට ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි තරම් හොඳ සමාජවාදීන් නෑ. මොකද අනුර දිසානායකලා කළු සල්ලි වලින් ආයෝජනය කරලා රට කරන්න යන්නේ. අපි කළු සල්ලි වලට ඉඩ දෙන්නෙ නෑ. ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් මත සියලු සල්ලි ගෙනල්ලා ඒ බදු මුදලින් ඔබට සහනය දෙන්නයි යන්නේ. මේ එක ඡන්දෙන් අපට පුළුවන් මහින්ද රාජපක්ෂගේ යුගය අවසන් කරන්න. එක්සත් ජාතික පක්ෂය වෙලාගෙන අවුරුදු තිහක් හිටපු රනිල් වික්‍රමසිංහ බූවල්ලාව දේශපාලනයෙන් සම්පූර්ණයෙන් පරාජය කරලා ඉදිරියට මේ රට ඉදිරියට ගෙනියන්න. අරගලයට මුවා වෙලා නැවත වතාවක් හිස ඔසවන රතු මාෆියාව, රතු පාතාලය පරාජය කරලා, ජාතික නිදහසත්, ආගමික නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත් අත්පත් කර ගන්න. අන්න ඒ සඳහා මේ ඓතිහාසික අනුරාධපුරයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් සජිත් ප්‍රේමදාසට ලබා දෙන්න.


Top Stories
wedivistara

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

wedivistara

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු නිකුත් කෙරේ

wedivistara

කුවේට් හි නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට අනුමැතිය

wedivistara

මැතිවරණ පැමිණිලි 5200 ඉක්මවයි

wedivistara

රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම

wedivistara

අපේක්‍ෂකයන් පුම්බන්න ගිය හම්බන්තොට රාජ්‍ය නිලධාරීන් 19ක් ගැන විමර්ශන... 9ක් ඡන්ද රාජකාරිවලින් ඉවතට

Trending
wedivistara

අමාත්‍යංශ ලේකම්වරුන් හා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් රැසක් ගෙදර යති..

wedivistara

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

wedivistara

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්

wedivistara

රනිල්ට උදව් කරන්නැයි රොෂාන්ට අමතා ගෝටාභය කියයි..

wedivistara

මහා­චාර්ය අර්ජුන තන­තුරු අත්හ­රියි

wedivistara

සමාජ මාධ්‍ය ජාලා වලට පොලිසියෙන් රතු එළි…


NEWS ALERT