International

අනතුරට පත් ඉන්දීය යානයේ ගමන්ගත් සියල්ලෝම ජීවිතක්ෂයට

Thursday, 12 June 2025 - 7:06 pm

යාවත්කාලීන කිරීම: (12/06 - 17.50 P.M.)

අහමදාබාද් නගර පොලිස් කොමසාරිස්වරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සඳහන් කර ඇත්තේ අනතුරට ලක් වූ ගුවන් යානයෙන් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි.

“ගුවන් අනතුරින් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බව පෙනේ,” යනුවෙන් කොමසාරිස් ජී.එස්. මලික් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, නේවාසික ප්‍රදේශයක ගුවන් යානය කඩා වැටීමත් සමඟ “සමහර ප්‍රදේශවාසීන් ද මිය යන්නට ඇති” බව ඔහු තවදුරටත් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සඳහන් කර තිබෙනවා.
....................................

යාවත්කාලීන කිරීම: (12/06 - 17.30 P.M.)
එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් සමහර ඉන්දීය මාධ්‍ය පවසයි.
....................................

යාවත්කාලීන කිරීම: (12/06 - 14.32 P.M.)
අහමදාබාද්හිදී අනතුරට ලක් වූ බෝයිං 787 යානයේ මගීන් 242ක් සිටිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.මෙයින් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්, එක් කැනේඩියානු ජාතිකයෙක් සහ 7 දෙනෙකු පෘතුගීසි ජාතිකයන් වන බවයි එයාර් ඉන්දියා නිල ප්‍රකාශයේ සඳහන්.
....................................

සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මගීන් 100 කට අධික සංඛ්‍යාවක් රැගත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන් කළ ගුවන් යානයක් ගුවන්ගත වීමේදී කඩා වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එයාර් ඉන්දියා සමාගමට අයත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කළ ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා.

 


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT