International

චීනය සහ පිලිපීනය මුහුදේදී ගැටෙයි

Sunday, 01 September 2024 - 12:05 pm

දකුණු චීන මුහුදේදී චීනය සහ පිලිපීනය සතු වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීම සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් එකිනෙකාට චෝදනා එල්ලකර ඇති බව සඳහන් ය. 

පිලිපීන බලධාරීන් පවසන්නේ මුහුද මැද නැංගුරම් දා තිබූ සිය වෙරළාරක්ෂක යාත්‍රාවක චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් වුවමනාවෙන්ම හප්පා ඇති බවයි.

ඊයේ වාර්තා වූ එම ගැටුම, මතභේදයකට ලක්වී ඇති මෙම මුහුදු කලාපයේ සිදුවූ 5 වැනි ගැටුම්කාරී අවස්තාව ලෙස වාර්තා වෙයි.

'Sabina Shoal' ලෙස හැඳින්වෙන මෙම මුහුදු කලාපය ඛනිජ සම්පත්, බොර තෙල් සහ මත්ස්‍ය සම්පත් බහුල ප්‍රදේශයකි.

එබැවින් චීනය සහ පිලිපීනය යන රටවල් දෙකම එම කලාපය තමන් ට අයිති බව පවසයි.

එසේම දකුණු චීන මුහුදු කලාපය සඳහා බෲනායි, මැලේසියාව, තායිවානය, සහ වියට්නාමය ද අයිතිවාසිකම් කියයි.

නමුත් චීනය පවසන්නේ එම මුහුදු කලාපය තමන් සතු කලාපයක් බවයි.

ඒ හේතුවෙන් එම රටවල් සහ චීනය අතර මත ගැටුම් උත්සන්න වී තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT