Local

පෙට්‍රල්-ගෑස් පෝලිම් නැති කළා වගේ පාස්පෝට් පෝලිමත් අවසන් කරනවා -මාසෙකින් ප්‍රශ්නය ඉවරයි

Thursday, 05 September 2024 - 10:50 am

ගෑස් සහ පෙට්‍රල් පෝලිම් නතර කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ පරිදිම අලුත් පාස්පෝට් ලක්ෂ හතහමාරක් පමණ කඩිනමින් මුද්‍රණය කර මාසයක් පමණ වන විට ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ පෝලිම් අවසන් කරන බව ද සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය. විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේදී ඇති වී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ ද පැවසීය.

“මේ පාස්පෝට් ලබාදීමේ ප්‍රමාදයක් නිසා ඊ පාස්පෝට් ක්‍රමය හඳුන්වා දෙන්න ගියා. නමුත් ඇති වූ තාක්ෂණික ගැටලුව මත එය කල් ගියා. මේ අතර ඊ පාස්පෝට් නොවන පාස්පෝට් ප්‍රමාණවත් සංචිතයක් නැති වීම නිසා අද මෙම ගැටලුව මතු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප කනගාටු විය යුතුයි. නමුත් එය සාර්ථක වුණේ නෑ. ඒ නිසා සාමාන්‍ය පාස්පෝට් සංචිතයක් නොතිබීම නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේ. ඒ ගැන අප කනගාටු වෙන්න ඕනෑ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවැරදි ගණනයක් කර තිබෙන්න ඕනෑ. එය සිදු කර නෑ. මේ ගැන කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා වුණා. අලුත් පාස්පෝට් ලක්ෂ හතහමාරක්වත් කඩිනමින් මුද්‍රණය කරගෙන ගෙන්වාගන්න තමයි දැන් තීරණය වෙලා තිබෙන්නේ. ඒ මුද්‍රණ කටයුතුවලටත් යම් කාලයක් යනවා. ඒ නිසා තවත් මාසයක් පමණ යන විට ගුවන් ගමන් බලපත්‍රය සාමාන්‍ය ආකාරයට නිකුත් කරන්න පුළුවන් වේවි.”


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT