International

හජ් උත්සවය අදයි

Saturday, 07 June 2025 - 11:52 am

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබනවා.

නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව,  මුස්ලිම් ප්‍රජාව විසින් සමගිය හා සාමුහිකත්වය පෙරදැරිව මෙම ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරනවා.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව 'දුල් හිජ්ජා' මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙන අතර, අල්ලා දෙවියන් විසින් ඊබ්‍රාහිම් නබිතුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය සමරනු ලබන බවයි පැවසෙන්නේ.

මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම් වලින් එකක් වන හජ් වන්දනාව සිදු කෙරෙන අතර, සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා.

හජ් උත්සවය වෙනුවෙන් අද කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම  උදෑසන ආගමික වතාවත් සිදු කිරීමට නියමිත බවයි දැක්වෙන්නේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT