අද වන විට රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොවන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
දැනට මාස එකහමාරකට පෙර කරන ලද ඉල්ලීමක් අනුව එතැන් සිටම මේ දක්වා කිසිදු රාජ්‍ය සේවක වර්ජනයක් ක්‍රියාත්මක නොවූ බවද හෙතෙම කියා සිටියේය.
එම වෘත්තිය සංගම් සියලු දෙනාම මේ වන විට මැතිවරණ සටනට සක්‍රීයව දායක වෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද අන්තර් සමාගම් සේවක සංගමයේ සමුළුව අමතමින් හෙතෙම මේ බව කියා සිටිවේව.