Local

ජනාධිපතිවරණය ගැන IHP ජනවාරි සමීක්ෂණයට අනුව අනුරට තවදුරටත් 50%ක්, සජිත්ට 36%ක් සහ ​රනිල්ට 7%ක්

Saturday, 02 March 2024 - 4:22 pm

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජනවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා.

සජිත් ප්‍රේමදාස දෙසැම්බර් මාසයේ සමීක්ෂණයෙන් ලබාගෙන තිබූ 33%ක ප්‍රතිශතය ජනවා​රි මාසයේදී 36% ක් දක්වා වැඩි වී ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් මාසයේදී ලබාගෙන තිබූ 9% ක ප්‍රතිශතය ජනවාරි මාසයේදී 7% ක් දක්වා අඩුවී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා දෙසැම්බර් මාසයේ ලබාගෙන තිබූ 8% ක ප්‍රතිශතය ද ජනවාරි මාසයේදී 7% දක්වා අඩු වී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ. 

2023 දෙසැම්බර් මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින්, මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්.

2024 ජනවාරි මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින් සහ පහතින්, මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්​.

news images news images news images


Top Stories
wedivistara

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ඩොලර් කන්දක් මාතෘ භූමියට ගේනවා.. ණය නොවේ තනිකරම ආධාර…

wedivistara

අනුර ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක්...

wedivistara

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

wedivistara

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

wedivistara

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

wedivistara

මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි

Trending
wedivistara

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

wedivistara

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

wedivistara

මැතිවරණ කොමිසමෙන් බාධා.. රනිල් මහජන රැලි තිහක් කපා හරී…

wedivistara

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

wedivistara

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

wedivistara

ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී


NEWS ALERT