International

ඉරානයට පහර දෙන ඊශ්‍රායල සැලසුම් එළියට ගිහින්

Tuesday, 22 October 2024 - 10:24 am

ඉරානයට පහර දීම සඳහා ඊශ්‍රායල ය විසින් සකස් කර තිබූ සැලසුම් සම්බන්ධයෙන් ඇමැරිකා එක්සත් ජනපදය විසින් සිදු කර ඇති තක්සේරුව විස්තර කෙරෙන රහසිගත ලේඛන දෙකක් පිටතට කාන්දු වීම සම්බන්ධයෙන් ඇමරිකාව විසින් විමර්ශනයක් අරඹා තිබේ. මෙසේ පිටතට කාන්දු වී ඇති ලේඛන පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කර තිබූ බවත් එම ලේඛනවල ඔක්තෝබර් 01 වැනිදා ඉරානය විසින් ඊශ්‍රායල ය වෙත එල්ල කර තිබූ මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායලය සිය යුද සම්පත් හසුරුවන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප සම්බන්ධයෙන් විස්තර ඇතුළත්ව ඇතැයි ඇමරිකානු මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථා නායකවරයා වන මයික් ජොන්සන් පවසා තිබේ.

‘අතිශයින් රහසිගතයි’ යනුවෙන් සලකුණු කර ඇති අදාළ ඇමරිකානු ලේඛන හුවමාරු කරගත හැකිව තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, නවසීලන්තය හා ඔස්ටේ්‍රලියාව යන රටවලට අයත් ‘ෆයිව් අයිස් නමැති බුද්ධි අංශ සන්ධානය තුළ පමණක් බව වාර් තා වී තිබේ. ඊශ්‍රායල ය විසින් සති ගණනක් මුළුල්ලේ ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය හා අවස්ථාව සම්බන්ධයෙන් තීරණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.


Top Stories
wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

wedivistara

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

wedivistara

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

wedivistara

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුවේ ප්‍රචාරණ කටයුතු හෙට ඇර​ඹේ

Trending
wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි නොකලොත් තීරණයක් ගන්නවා - සමන් රත්නප්‍රිය

wedivistara

ජනතාවගේ ගැටලුවලට පිළිතුරු නොදී අනිත් අයගේ කෙඳිරිලි අඩු කරන්න ගියාට හරියන්නේ නෑ - රාජිත

wedivistara

තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම්දීමක්

wedivistara

ට්‍රම්ප් හෙට ජනපති ධූරයේ දිවුරුම් දෙයි

wedivistara

එජාප - සජබ එක්වීමේ පළමු සාකච්ඡාව අද


NEWS ALERT