International

දින අටක පර්යේෂණයට ගිය අමෙරිකානු ගගනගාමීන් දෙදෙනා යානයේ දෝෂයකින් අභ්‍යවකාශ නැවතුම්පොළේ සිරවෙලා -යළි පෘථිවියට එන්නේ 2025 පෙබරවාරියේ බව නාසා ආයතනය කියයි

Monday, 26 August 2024 - 8:57 am

පර්යේෂණ චාරිකාවක් සඳහා දින අටකට අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානය වෙත ගිය නාසා ආයතනයේ අමෙරිකානු ගගනගාමීන් දෙදෙනාට ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා එහි රැඳී සිටීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊට හේතු වී ඇත්තේ ඔවුන් ගමන් ගත් ස්ටාර්ලයිනර් යානගේ හීලියම් කාන්දුවීමක් ඇතුළු කාර්මික දෝෂ කිහිපයක් හට ගැනීම බවත්, එම යානය ගගනගාමීන් දෙදෙනා රහිතව යළි පෘථිවියට පැමිණෙනු ඇති බවත් නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ. පසුගිය ජූනි මස 5 වැනිදා නාසා ආයතනයේ ‘බොයිං ස්ටාර්ලයිනර්‘ යානයෙන් පෘථීවි කක්ෂයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය 58 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා නිලධාරිනියක වන සුනිතා විලියම්ස් සහ 61 හැවිරිදි නාවික හමුදා කපිතාන්වරයකු වන බච් විල්මෝර් මේ වන විටත් මාස 2ක් පුරා එහි සිර වී සිටින අතර, ඔවුන්ට නැවත පෘථිවියට පැමිණීමට සිදුවන්නේ නාසා ආයතනය ලෝක ධනපතියා වන එලෝන් මස්ක්ගෙන් කුලියට ගත් ස්පේස් එක්ස් යානයෙන් බවත්, ඒ සඳහා ලබන වසරේ පෙබරවාරිය දක්වා බලා සිටීමට සිදුවනු ඇති බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ. එම කාලය ඇතුළත ඔවුන් දෙදෙනා ලබන මස අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණීමට නියමිත ස්පේස් එක්ස් යානයේ සාමාජිකයන් සමඟ පූර්ණ කාලීන සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇතැයි ද, පෘථිවි කක්ෂයේ විද්‍යාගාරයේ පරිපාලන කටයුතුවලට සහ නැවතුම් මධ්‍යස්ථානයෙන් පිටත අභ්‍යවකාශයේ ඇවිදීමේ කටයුතුවලට ඔවුන්ට සහාය වනු ඇතැයි ද වාර්තා වේ.

අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ මේ වන විටත් රුසියානු ගගනගාමින් 7 දෙනකුගේ නවාතැනක් බවට පත්වී ඇති අතර, පර්යේෂණයක් සඳහා පසුගිය අප්‍රේල් 5 වැනිදා එක්ස්පෙඩිෂන් 71 යානයෙන් එහි ගිය එම ගගනගාමින් යළි පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන මාසයේදී බව වාර්තා වේ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිර වී සිටින සිය ගගනගාමීන් දෙදෙනාට අවශ්‍ය ආහාර හා ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මේ මස මුල් භාගයේදී නාසා ආයතනය විසින් භාණ්ඩ ප්‍රවාහන යානයකින් අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මීට අමතරව රුසියාව ද ආහාර ඇතුළු ටොන් 3ක භාණ්ඩ තොගයක් යැවීමට පියවර ගෙන තිබිණි.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT