Local

රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙනතුරු ඇමරිකානු තීරබදු සාකච්ඡා තවදුරටත් ඉදිරියට – මුදල් ලේකම්

Thursday, 10 July 2025 - 5:50 pm

රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යනබව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වූ බවත්, එම සාකච්ඡා සාර්ථක වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් ලේකම්වරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා මෙසේ පැවසීය.

අපි මුල ඉඳලම රට වෙනුවෙන් ඉතා අවංක භාවයෙන් සිදුකළ සාකච්ඡා ඔවුන් හඳුනාගෙන තිබෙනවා. මෙය ගෝලීය තත්වයක් මිසක් ලංකාවට පමණක් සීමා වූවක් නොවෙයි.කළාපයේ තිබෙන අනෙක් රටවල් සමග ලංකාවට තිබෙන බදු බලපෑම අඩු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සාකච්ඡා සිදුකළා . මෙම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ අනුව රටට වඩාත් ගැළපෙන දේ අපි තෝරා ගන්නවා. ඉදිරි දින කිහිපයේදී අනෙක් රටවලට ලැබෙන බදු සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා.

මෙම සාකච්ඡා ඇයි මෙතරම් ප්‍රමාද වුණේ කියලා ඇතැමුන් විමසනවා, මෙවැනි තීරණ හැකි ඉක්මනින් ගත හැකි තීරණ නොවෙයි. මෙම ක්‍රියාවලිය ඉතාමත් පුළුල් ක්‍රියාවලියක්. රටක් වශයෙන් සියළු පර්ශවයන් සමග සාකච්ඡා කරමින් ඉදිරියට යනවා. මේ වන විට අපි තීරණාත්මක මොහොතකට පැමිණ තිබෙනවා. මෙතෙක් ගෙනා සාකච්ඡා ඉදිරියට ඇවිත් තිබෙනවා. සාකච්ඡා පවත්වමින් තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව රටට වඩාත් ගැළපෙන දේ අපි තෝරා ගන්නවා. ඒ සඳහා දොර විවෘත වී තිබෙනවා.ඒ අනුව ඉදිරි දින කිහිපයේදි ඒ සම්බන්ධයෙන් අනෙක් රටවලට ලැබෙන තීරු බදු සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවද කීය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT