Clean Sri Lanka ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනවාරි 21 සහ 22 යන දිනවලදී අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ.
Clean Sri Lanka ව්‍යාපෘතියේ ඇති වැදගත්කම සහ ජනතාවට අවබෝධයක් ලබා ගැනීම සඳහා අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බවයි අගමැතිවරිය අද (08) පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේ.