International

ඊශ්‍රායලය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඩුබායි හි අතරමං

Sunday, 14 April 2024 - 6:31 pm

ඉරානය සහ ඊශ්‍රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය නිසා ගුවන් ගමන් අඩාල වීම හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඩුබායි හි අතරමං වී තිබෙනවා.

ඉරානය ඊශ්‍රායල භූමියට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ලද තොරතුරක් මත මගීන් අතර සිටි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සමඟ යානය ඩුබායි වෙත හරවා යවා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කර සිටියා.

එහිදී කලාපය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් පවතින බවත්, එම කලාපයට හෝ ඒ හරහා ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ගුවන් ගමන් කාලසටහන්වල සිදුවිය හැකි වෙනස්කම් සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලා සිටිනවා.


Top Stories
wedivistara

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

wedivistara

හෙලිකොප්ටර අනතුරෙන් ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති මරුට

wedivistara

ඉරාන ජනපති ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන් විනාශයි

wedivistara

බන්ධනාගාර නිලධාරීන් අද සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක

wedivistara

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය අනතුරට ලක්වූ ප්‍රදේශයෙන් සුන්බුන් බවට සැක කෙරෙන උණුසුම් ප්‍රභවයක් හඳුනා ගැනෙයි

wedivistara

ජනපති සහ ඉන්දුනීසියානු සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යවරයා අතර හමුවක්

Trending
wedivistara

ඇමති ප්‍රසන්නගෙන් හබරණ තුන් නිවුන් දරුවන්ට නිවසක්

wedivistara

ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

wedivistara

මෙවර සාමාන්‍ය පෙළ ලිව්ව දරුවන්ට දැනුම් දීමක්

wedivistara

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

wedivistara

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වැනි දිනටත් පැවැත්වෙයි

wedivistara

අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්


NEWS ALERT