Local

හජ් වන්දනාවට ගිය පකිස්ථානුවන් 18 දෙනෙකු මියයයි

Monday, 16 June 2025 - 8:14 pm

සෞදි අරාබියට පැමිණ හජ් වන්දනාවේ යෙදී සිටිය දී පාකිස්ථාන වන්දනාකරුවන් 18 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. 

 
පාකිස්ථාන මාධ්‍ය වාර්තා අනුව මියගිය පුද්ගලයින් අතර පිරිමින් 10 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු වන බවයි දැක්වෙන්නේ. 
 
මියගිය සියලු පුද්ගලයින් වැඩිහිටියන් වන අතර ඔවුන් මිය යාමට හේතු ලෙස හෘදයාබාධ සහ වෙනත් සෞඛ්‍ය ගැටලු පෙන්වා දී තිබෙනවා. 
 
මියගිය සියලුම වන්දනාකරුවන් ජන්නතුල් බකි හි භූමදාන කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. 
 
මෙවර හජ් වන්දනාව සඳහා රටවල් 171කින් ජාත්‍යන්තර වන්දනාකරුවන් 1,506,576ක් ඇතුළුව ලොව පුරා වන්දනාකරුවන් 1,673,230ක පිරිසක් සෞදියට පැමිණ තිබුණා.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT