Local

දුම්රිය e-ප්‍රවේශපත්‍ර ජාවාරම ගැන විමර්ශන ක්‍රියාත්මකයි - ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

Monday, 20 January 2025 - 5:57 pm

උඩරට දුම්රිය e-ප්‍රවේශපත්‍ර ජාවාරම සම්බන්ධයෙන් වන විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය දක්වා වන සැපයුම වැඩි කිරීම සඳහා පෙබරවාරි 01 වැනිදා සිට නව දුම්රියක් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි ‘එසැණ’ වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ප්‍රවේශපත්‍ර සඳහා තාක්ෂණික සේවා සපයන ආයතනය සමඟ පසුගියදා සාකච්ඡාවක් පැවති බවත්, එහිදී තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එහිදී අනාවරණය වී ඇත්තේ එංගලන්තය සහ සිංගප්පූරුවෙහි   සංචාරක සේවා සපයන ආයතන කිහිපයක් විසින් ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන ඇති බවද, මෙරට E-mail ලිපින කිහිපයක් හරහා ද ප්‍රවේශ පත්‍ර 05 බැගින් වෙන් කරගෙන ඇති බවට අනාවරණය වූ බවද, අදාළ තොරතුරු සියල්ල විමර්ශන කටයුතු සඳහා භාර දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT