International

‘චීන මහා ප්‍රාකාරය‘ සම්බන්ධයෙන් චීන ජනපති කළ ඉල්ලීම

Thursday, 16 May 2024 - 4:18 pm

ජනතාව තම නිවෙස් සුරකින ආකාරයෙන් ම මහා ප්‍රාකාරය ආරක්ෂා කරමින් ඒ පිළිබඳ සංස්කෘතිය ප්‍රචාරය කිරීමට අඛණ්ඩ උත්සාහයන් හි නිරත වනු දැකීම තම අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං කියාසිටී.

චීන මහා ප්‍රාකාරයේ කොටසක් පිහිටා ඇති බෙයිජිං අගනුවර, බාඩාලිං උපනගරයේ ෂීශ්‍යා ගම්මානයේ වැසියන්ට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව කියාසිටී.

14 වැනිදා නිකුත් කෙරුණු එම ලිපියෙන් ගම්මානයේ ජනතාවට සුබ පැතුම් එක් කරන ජනාධිපතිවරයා චීන මහා ප්‍රාකාර සංරක්ෂණය පිළිබඳ තම අපේක්ෂාවන් ද සඳහන් කර ඇත. චීන මහා ප්‍රාකාරය චීන ජාතිය සහ චීන ශිෂ්ටාචාරය පිළිබඳ වැදගත් සංකේතයකි. උද්‍යෝගිවත්භාවය, අධිෂ්ඨානය සහ සමගිය හා බැඳුණු දේශප්‍රේමී හැඟීමක් ඉන් උද්දීපනය කෙරේ. එම ඓතිහාසික උරුමය ආරක්ෂා කර අනාගත පරපුරට පවරා දීම සමස්ත චීන ජාතිකයන් වෙත පැවරෙන පොදු වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එසේම, චීන මහා ප්‍රාකාරය පිළිබඳ ජනතාවගේ අවබෝධය හා ආරක්ෂා කිරීමේ ආකල්ප වැඩිදියුණු කර, එහි පාරම්පරික පැවැත්ම තහවුරු කළ යුතු වේ. එමගින් බලවත් සංස්කෘතික සමාජවාදී රටක් ගොඩනැගීමට ඔවුන් පෙළගැසෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT