Local

2025 අය-වැය හදන හැටි ඉලක්කම්වලින් ඔප්පු කර පෙන්වන්න සජිත්ට අභියෝගයක් -ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන නැගෙනහිරදී කියයි

Monday, 26 August 2024 - 8:23 am

විදේශීය රටවල් සහ විදේශීය ණය දෙන ආයතන සමඟ වත්මන් රජය ඇති කර ගත් එකඟතා බිඳ දමා හැකි නම් ලබන වසර (2025) සඳහා අය-වැය පියවීමට මුදල් හොයා ගන්නේ කෙසේදැයි ඉලක්කම් සහිතව පෙන්වා දෙන්නැයි තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මඩකලපු කල්ලඩි ශිවානන්ද විද්‍යාලයේ පෙරේදා (24) පැවති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ජාත්‍යන්තරය සමඟ ඇති කර ගත් එකඟතා බිඳ දැමීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජාත්‍යන්තරය සමඟ ඇති කර ගත් එකඟතා මුරණ්ඩු ක්‍රමයට වෙනස් කිරීමට යෑමෙන් රට අගාධයට යනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ලබන වසර (2025) සඳහා අය-වැය සකස් කිරීමට විදේශීය රටවල් සහ විදේශීය ණය දෙන ආයතන සමඟ මූලික එකඟතාවලට පැමිණ තිබෙනවා . ඔවුන් අපට දැනටමත් විවිධාකාරයේ මූල්‍ය පහසුකම් දීමට එකඟතාව පළ කර තිබෙනවා. අපි අය-වැය සකස් කිරීමට දැනටමත් සූදානම්. ඒ සඳහා දැක්මක් අපට තිබෙනවා. මේ එකඟතා කඩ කළොත් කිසිම මුදලක් රටට ලැබෙන්නේ නෑ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමඟ ඇති කර ගත් එකඟතා බිඳ දැම්මොත් මේ සියල්ල කණපිට හැරෙනවා. එසේ කිරීමට කිසිවකුට බෑ. එසේ කළොත් නැවත රට කඩා වැටෙනවා. තමුන්නාන්සේලා කැමති නැවත රට කඩා වැටෙනවටද? මේ අවුරුදු දෙකේ ගොඩ ආ පරිදි තවදුරටත් වේගවත්ව ඉදිරියට යනවාටද? මේ ජනාධිපතිවරණයේදී තීන්දු කළ යුත්තේ එයයි.

නිදහසින් පසු ලංකාවේ ආණ්ඩුවක් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය මතු වුණේ 2022දී. අපි මුල්වරට බංකොලොත් රටක් බවට ප්‍රකාශ කළා. ආර්ථික වර්ධනය ඍණ වුණා. රුපියල කඩා වැටුණා. උද්ධමනය ඉහළ ගියා. රටේ විදේශීය නිල සංචිතය ඩොලර් මිලියන විස්සට අඩු වුණා. රටට අවශ්‍ය තෙල්, ගෑස්, ආහාරපාන, පොහොර ගෙන්න ගන්න මුදල් නැතුව නැව් හැරිලා ගියා. රටේ දිගු පෝලිම් ඇති වුණා. මේවා සියල්ල නැති කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඒක කාටවත් අමතක කරන්න බෑ.

අපට අය-වැය කටයුතු සඳහා මිලියන 663ක් ලැබී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදලින් රුපියල් මිලියන 700ක් ලැබී තිබෙනවා. ලෝක බැංකුව ඩොලර් මිලියන 400ක් දීමට එකඟතාව පළ කළා. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක් දීමට එකඟ වෙලා තියෙනවා. අපට ණය ආපසු ගෙවීමෙන් පටන් ගන්න වෙන්නේ 2027දී. ඒ නිසා මිලියන 3655ක් ඉතුරු වෙනවා. මේවා සියල්ල යොදා ගන්නේ ජනතාවගේ යහපතට.

එකඟතාව පළ කළ මුදල් නැති කර ගන්න කාටවත් පුළුවන්කමක් නෑ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියනවා එකඟතාව බිඳිනවා කියලා. එසේ කළොත් ඔහු කොහොමද වසර 2025 අය-වැය හිඟය පියවන්නේ. මම සජිත් ප්‍රේමදාස මහතාට නැඟෙනහිර සිට අද අභියෝග කරනවා. පුළුවන් නම් මේ ඇති කර ගත් එකඟතා බිඳ අපේ රටේ ආර්ථිකය මෙහෙයවන්නේ කොහොමදැයි කියන්න. ඉලක්කම් දත්ත එක්කම කියන්න. ඔවුන් රට භාරගෙන සති දෙකයි තුනයි දුවන්නේ. නැවතත් ආර්ථිකය කඩා වැටෙනවා. ඒකට බුද්ධිමත් ජනතාව ලෙස ඔබලා ඉඩ දෙන්න එපා.”


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT