Local

අභියෝගවලට ආදරේ නාමල්

Tuesday, 17 September 2024 - 12:02 am

මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැලියක් කුරුණෑගලදී ඊයේ (15) පැවැත්වුණි. 

'මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩි වැඩිකරනවා නම්, බදු වැඩිකරන්න ඕනේ කියපු අයත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල, පඩි වැඩිකරන්න අද කතා කරලා තියෙනවා. එකට එකක් පරස්පර විරෝධී ප්‍රතිපත්ති හැම අපේක්ෂකයෙක්ම ගිය මාස දෙක තුන අතර ප්‍රකාශ කරලා තියෙනවා. මට හිතාගන්න බැරි ඔවුන් රවට්ටන්න හදන්නේ, තමන්වද ? ඡන්දදායකයා ද? කියන කාරණය. අපි කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ බැහැයි කියනවා. අපේ තාත්තා අපිට උගන්වලා තියෙන්නේ ඒ විදියට. අපි අභියෝගවලට බය නෑ. අපි අභියෝගවලට ආදරේ කරනවා. අපි නූතනත්වයට යන්න ඕනේ නම්, නවීකරණය වෙන්න ඕනේ. නවීකරණය කියන්නේ නූතන රාජ්‍ය යාන්ත්‍රණය තාක්ෂණය එක්ක බද්ද කරන එක. මේ දරුවන්ට අවශ්‍ය සංවර්ධනය, දරුවන්ට අවශ්‍ය හෙට දවස, දරුවන්ගේ අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඉගෙන ගන්න දෙයින් තෘප්තිමත්ව, සතුටින් රස්සාවක් කරන්න පුළුවන්, හොඳ ආදායමක් ලබන්න පුළුවන් ආර්ථික පසුබිමක් හදන එක. අපි අද තීන්දු තීරණ ගන්නේ වර්තමානයේ අපේ වයස්වල ඉන්න තරුණ තරුණියන් වගේම ශිෂ්‍යත්වය ලියන දරුවන්ට වගේම, හෙට උපදින දරුවන් වෙනුවෙන් මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් එක්ක බව ඔබලාට වගකීමෙන් ප්‍රකාශ කරනවා.'

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ජන රැලියක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ දඹුල්ල නගරයේදී ය.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT