Local

ගොවි ජනතාවට ඉඩම් ලබා දීමේ විප්ලවීය වැඩසටහනක් ආණ්ඩුව ආරම්භ කර තිබෙනවා

Friday, 08 March 2024 - 8:27 am

රජය සතු ඉඩම්වලින් කොටසක් වගා කිරීම සඳහා ගොවි ජනතාවට ලබා දීමේ විප්ලවීය වැඩසටහන ආණ්ඩුව මේ වන විටත් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි  පාර්ලිමේන්තුවේ දී (07) පැවසීය.

වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුවට විශාල වගකීමක් පවතිනවා.

මෙරට ශ්‍රම බළකායෙන් ගොවි ජනතාව සියයට 27ක් සිටිනවා. නමුත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට දායක වන්නේ සියයට 8ක් වගේ සංඛ්‍යාවක්. ඉන් පැහැදිලි වන්නේ ඉතා මහන්සියෙන් වැඩ කරන ගොවි ජනතාවට ලැබෙන මුදල ප්‍රමාණවත් නැති බව. අද ගොවි ජනතාවට ලැබෙන මුදල ඉතා අඩුයි. කෘෂිකාර්මික රටක් වශයෙන් ඊට හේතු වූ කරුණු පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත්. ගොවි ජනතාව වගා කරන බිම්වලින් සියයට 80ක් තිබෙන්නේ කුඩා වතු හිමියන් සතුව. කුඩා කුඹුරු හිමියන්, කුඩා වතු හිමියන්. එම නිසා මහා පරිමාණ වගාවන් සිදු වන්නේ නැහැ.”

 
 
 
 


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT