යුක්‍රේන ජනාධ්පති වොලොඩිමීර් සෙලෙන්ස්කි විසින් එරට ගුවන් හමුදාපති මිකෝලා ඔලේෂ්චුක් ව සේවයෙන් ඉවත්කර තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ පසුගියදා එරටට අමෙරිකාවෙන් ලබාදුන් F-16 ප්‍රහාරක යානයක් කඩා වැටී ඉන් එරට ප්‍රධාන පෙළේ ගුවන් නියමුවෙකු මියයෑම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.
රුසියාව යුක්‍රේනයට මෑත කාලයේ එල්ලකළ දරුණුතම ගුවන් ප්‍රහාරය ට ප්‍රති ප්‍රහාර එල්ලකරමින් සිටියදී එම යානය කඩා වැටුණි.
එහි නියමුවා ලෙස කටයුතු කළේ 'මූන් ෆිෂ්' ලෙස ප්‍රකටව සිටි ඔලෙස්කි මෙස් නම් ගුවන් නියමුවා ය.
F-16 ප්‍රහාරක යානා පියාසර කිරීමට පුහුණුව ලබා සිටි යුක්‍රේන නියමුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි ඔලෙස්කි.
එබැවින් ඔහුගේ මරණය එරට ට විශාල පාඩුවක් ලෙස සැලකෙයි.