International

බුර්කිනා ෆාසෝ ප්‍රහාරයෙන් 400 ඉක්මවූ පිරිසක් මරුට

Saturday, 31 August 2024 - 8:01 pm

බුර්කිනා ෆාසෝ හි ගම්මානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 400 ඉක්මවූ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බුර්කිනා ෆාසෝ හි වගාඩුගෝ අගනුවර ආසන්නයේ පිහිටි ගම්මානයකට එල්ලවූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන් ද සිය ගණනක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

එරට හමුදා ජුන්ටාව මරණ ගණන නිල වශයෙන් තහවුරු කර නැතත් වින්දිතයින්ගේ ඥාතීන්ගේ සාක්ෂි අනුව ඝාතනය වී ඇති පිරිස 400 ඉක්මවන බව අනාවරණ වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මෙලෙස ඝාතනයවී ඇත්තේ හමුදාවේ අණ පරිදි ආරක්ෂිත භූගත අගල් කණිමින් සිටි පිරිසකි.

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට අනුබද්ධිත ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර සිවිල් වැසියන් ඉලක්ක කළ බවට වන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වුවද එරට හමුදා ජුන්ටාව පවසන්නේ, සිවිල් වැසියන්ද මෙම මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් වී ඇති බවය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT