බංග්ලාදේශයේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 46 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් පුද්ගලයන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩකා අගනුවර පිහිටි මහල් 6කින් සමන්විත සාප්පු සංකීර්ණයේ මේ ගින්න හටගෙන ඇති අතර, ගිනි නිවන භටයන් පැය දෙකකට අධික කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසුව ගින්න මැඬ පැවැත්වීමට හැකිවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවද ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් උත්සාහ කරමින් සිටියදී එම සාප්පු සවාරියේ නිරතව සිටි වැඩි දෙනකු ගින්නෙන් බේරීම සඳහා කවුළුවලින් බිමට පැන ඇති අතර, මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව වැඩි වීමට සහ තුවාල ලැබූ පිරිස වැඩි විමට එය හේතු වී ඇතැයි වාර්තා වේ.
ගින්න හටගෙන ඇත්තේ එම සාප්පු සංකීර්ණයේ පළමු මහලේ පිහිටි බිරියානි අවන්හලකදී බවත්, පසුව සෙසු මහල්වලට ගින්න පැතිරී ගිය බවත් වාර්තා වේ. ගෑස් කාන්දුවකින් හෝ උදුනකින් ගින්න හටගන්නට ඇති බව ගිනි නිවන හමුදාවේ ප්‍රධානියකු ප්‍රකාශ කර ඇත.