Local

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Friday, 11 October 2024 - 11:20 am

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය සමඟ ඇතිවූ ජලගැලීම් තත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම වසා දමා ඇතිබව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ඊයේ (10) රාත්‍රියේ සිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ,බද්දේගම ,වැලිවිටිය දිවිතුර ,බෝපේ පෝද්දල ,නියාගම ,යක්කලමුල්ල ,ඇල්පිටිය ඇතුළු තදාසන්න ප්‍රදේශ වල අතුරු මාර්ග සහ පහත් බිම් රැසක් මේවන විට ජලයෙන් යටවෙමින් පවතියි.

ඒ හේතුවෙන් එම මාර්ග වල ගමනා ගමන කටයුතු සඳහා බාදා මතුව තිබේ.

ගිංගඟ ,බෙන්තර ගඟ සහ පොල් අතු මෝදර ගංගාවල අතුරු ඇල මාර්ග පිටාර ගැලීම හේතුවෙන් බොහොමයක් මාර්ග ජලයෙන් යටවෙමින් තිබේ.

මේ අතර කොළඹ කඩුවෙල වැලිහිද බෝධිය අසල ඇලට පුද්ගලයකු වැටී අතුරුදන්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අතුරුදන් වූ පුද්ගලයා සොයා නවගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT