International

ඔස්ට්‍රේලියාවේ හෝටලයක වහලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී නියමුවා මරුට

Tuesday, 13 August 2024 - 1:17 pm

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කෙයාර්න්ස් නුවර හෝටලයක වහලයක් මතට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ මොහොතේ හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇත්තේ නියමුවා පමණක් බව ද වාර්තා වේ. හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ කෙයාරන්ස් නුවර පිහිටි හිල්ටන් හෝටල සමූහයට අයත් ඩබල් ට්‍රී නමැති හෝටලය මතට බවත්, අනතුරත් සමඟ වහලය ගිනි ගැනීම හේතුවෙන් හෝටලයේ රැඳී සිටි අමුත්තන් සිය ගණනක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. හෙලිකොප්ටර් අනතුරින් අමුත්තන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි ක්වීන්ස්ලන්ඩ් පොලිසිය අනුමාන කර ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT