Local

ටිරාන් අලස් නායකත්වය දෙන එක්සත් මහජන පක්ෂයේ සහායත් රනිල්ට

Friday, 23 August 2024 - 8:53 am

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා නායකත්වය දෙන එක්සත් මහජන පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පක්ෂයේ නීති කටයුතු පිළිබඳ ලේකම් වජිර රණසිංහ මහතා ප්‍රකාශ කළේ අභියෝගවලින් පැන නොයා රට ස්ථාවර කිරීමට ජනාධිපතිවරයා ගත් සාර්ථක වීම හේතුවෙන් මෙසේ සහාය දැක්වීමට තීරණය කළ බවයි. ඇතුල්කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

බහුතරයක් අභියෝගය භාර ගන්න නොහිතපු වෙලාවේ රට භාර අරගෙන ඉදිරියට ගෙනත් පෙන්නලා දීලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති පමණයි.මම හිතන්නේ මම ඔබතුමන්ලාට විශේෂයෙන් කරුණු කියන්න ඕනෑ නෑ ඊයේ තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙලා. ඒ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ඔහු රටේ නායකත්වය දැරීමට සුදුස්සෙක් නොවේ කියලා. පිටින් ඉඳලා කියනවට වඩා ඒ මහත්මිය තමයි හොඳම චරිත සහතිකය දුන්නේ. තවත් අපේක්ෂකයෝ කීප දෙනෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා ඔවුන්ට තිබෙන්නේ යල් පැනගිය ප්‍රතිපත්ති. මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි මේ රට ඉදිරියට ගෙන යෑමට නිවැරදි ප්‍රතිපත්ති හා දර්ශනයක් තිබෙන්නේ. එක්සත් මහජන පක්ෂයේ සම්පූර්ණ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අපි ක්‍රියා කරනවා. ඡන්ද දායකයන්ට හිතලා බලලා ඡන්දය පාවිච්චි කරන්න කියා ඉල්ලා සිටිනවායැයිද ඒ මහතා කීවේය. එක්සත් මහජන පක්ෂයේ තරුණ ක්‍රියාකාරක ඉසුරු හේවගේ,එක්සත් මහජන පක්ෂයේ දේශපාලන ලේකම් හේමප්‍රිය කවිරත්න මහත්වරු ද මේ අවස්ථාව එක්ව සිටියහ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT