Local

ජල ටැංකියක් වැටී මිය ගිය සිඟිති දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය: දැරියගේ හිසේ තුවාල හේතුවෙන් මොළයට ලේ ගැලීමෙන් සිදු වූ මරණයක්

Wednesday, 17 April 2024 - 8:06 am

සිය දරුවන් සමඟ අලුත් අවුරුද්ද සැමරීමට සිටි අරලගංවිල, රුහුණුගම ගම්මානයේ රණසිංහ  සහ ඔහුගේ බිරිය තම දරුවන් සමඟ අවුරුදු කෑමට සූදානම් වූහ.

දින දෙකකට පෙර අරලගංවිල නගරයට ගිය ඇය දරුවන්ට රෙදිපිළි රැගෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වූවාය. එදින දහවල් සැමියා ද නිවසේ විය.

කෑමට ගැනීමට ගෙනා මාළු කපමින් සැමියා සිටි අතර දරුවෝ දෙදෙනා සෙල්ලම් කරමින් සිටියහ. මෙම අවස්ථාව වනවිට නොනගතය ආරම්භ වී විනාඩි පහක් පමණ ගත වී තිබුණි.

වයස අවුරුදු තුනහමාරක් පමණ වූ දෙවැනි දියණිය දිය නෑමට අවශ්‍ය බව පැවැසූ අතර පියා ඇයට නාන ලෙස උපදෙස් දී තිබේ. පියා ද මාළු කපමින් සිට ඇත්තේ ඒ ආසන්නයේය.

බිරිය ද ඒ ආසන්නයේ සිට නිවසට ගොස් ඇති අතර සිඟිති දියණිය වැසිකිළිය උඩ තබා ඇති ප්ලාස්ටික් ටැංකියෙන් එන ෂවර් එක හැර නාන්න පටන් ගත්තාය.

එක්වරම ටැංකිය ඇලවෙනවා දුටු දරුවාගේ නැන්දා “ටැංකිය වැටෙනවා” යනුවෙන් කෑ ගසා තිබේ. එම අවස්ථාවේ මාළු කපමින් සිටි පියා ඒ දෙසට පැන දරුවා ඇදගැනීමට උත්සාහ කළත් ඊට

පෙර ටැංකිය දරුවාගේ ඇඟට වැටී තිබේ.

පසුව පියා දරුවා වඩාගෙන ඇති අතර දරුවාගේ ඇ‍ඟේ ලේ දුටු විගස පියා සිහිසුන්ව වැටී ඇත. පසුව දරුවාගේ නැන්දා වහාම දරුවා පාර අයිනට රැගෙන ගොස් යතුරුපැදියක

නැඟී පොලොන්නරුව මහ රෝහලට රැ‍ඟෙන ගොස් ඇතුළත් කර තිබේ.

දරුවා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව පොලොන්නරුව රෝහලේ ප්‍රකාශකයකු පැවැසීය.

මෙම සිදුවීමත් සමඟ අරලගංවිල, රුහුණුගම ගම්මානයම එකම මළගෙයක් බවට පත්විය.

මේ නිවසේ වැසිකිළිය උඩ ලීටර් 500ක් පමණ වු මේ ප්ලාස්ටික් ටැංකිය තබා ඇත්තේ ලී කිහිපයක් තබා බැරල් තහඩුවක් තබා ඒ මතය. දැනට වසර හතක පමණ කාලයක් මෙම

ප්ලාස්ටික් ටැංකිය එම ස්ථානයේ තිබී ඇති අතර ටැංකිය තිබූ ලී ආධාරක ඉතා හොඳ තත්ත්වයේ තිබී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ හිරුණි රශ්මිකා දෙව්මිණි නමැති වයස තුහහමාරක දියණියකි.

පසුව පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.එම්.ඒ.එස්.බී. රත්නායක විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද අතර මෙය දරුවාගේ හිසට ඇති වී තිබෙන බරපතළ තුවාල නිසා මොළයට ලේ ගැලීමෙන් සිදු වූ මරණයක් බව නිගමනය කළේය.

හදිසි මරණ පරීක්ෂණය පොලොන්නරුව, දිඹුලාගල කොටසේ හදිසි මරණ පරීක්ෂක ආර්.එම්.ඩබ්ලිව්.කේ.එස් දේශප්‍රිය විසින් සිදු කරනු ලැබීය.

පොලොන්නරුව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රගති ලක්මිණිගේ මෙහෙයවීමෙන්

අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න සහ පො.සැ.( 4367) වයි.ඒ.ජී. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීහු වැඩිදුර

පරීක්ෂණ පවත්වති.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT