International

යුරෝපයේ රටවල් දෙකක දේශසීමා වෙනස් වෙයි

Sunday, 20 October 2024 - 10:09 pm

ඉතාලිය සහ ස්විට්සර්ලන්තය අතර දේශසීමා යළි සකස් කිරීමට සිදුවී තිබේ.

දෙරට අතර දේශසීමාවේ පැවති ග්ලැසියර දියවීමෙන් එහි භූගෝලීය ලක්ෂණ වෙනස්වීම නිසා මෙම පියවර ගැනීමට සිදුව ඇත.

ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකිනෙකාට අසල්වැසි රාජ්‍යයන් දෙකකි.

ඇල්ප්ස් කඳුකරය ආසන්නයෙන් එකිනෙකා මායිම් වන මෙම රටවල් තම දේශසීමා නැවතත් සකස් කිරීමට තීරණය කර තිබේ.

ගෙවුණු වසර කිහිපය පුරා සිදුවූ කාලගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස දෙරට දේශසීමාවේ පිහිටි සර්මැත් කලාපයේ භූ ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව වාර්තා වේ.

සර්මැත් කලාපයේ දේශසීමා නැවත ඇඳීමට දෙරටට සාකච්ඡා ආරම්භ කිරීමට සිදුව ඇත්තේ ඒ අනුවයි.

යුරෝපයේ පිහිටි ජනප්‍රියම හිම නිකේතනයක් වන සර්මැති කලාපය දෙරටටම වැදගත් වන බැවින් මෙම කටයුත්ත දෙරටටම භූදේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ඉතාමත් වැදගත් බවත් වාර්තා වේ.

දෙරට අතර දේශසීමා යළි සකස් කළ යුතු බවට ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකඟ වූයේ 2023 වසරේදීය.

ස්විට්සර්ලන්ත රජය මේ වනවිටත් ඊට අදාළ නිල කටයුතු අවසන් කර ඇති අතර ඉතාලි රජය අනුමැතිය ලබාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.

ස්විස් රජයට අනුව සර්මත් ග්ලැසියරයට අමතරව, තවත් ග්ලැසියර කිහිපයක්ම වඩාත් වේගයෙන් දියවෙමින් පවතී.

මේ අනුව රටවල් අතර දේශසීමා නැවත සකස් කිරීමට සිදුවනු ඇති බව ඔවුන්ගේ මතය බව සඳහන් වේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT