International

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනියි – මිය ගිය ගණන තවත් ඉහළට

Sunday, 24 March 2024 - 7:49 am

රුසියාවේ මොස්කව් නගරයට නුදුරින් පැවති ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුන් සිව්දෙනා ඇතුළුව සැකකරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි

ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 93 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර තුවාලකරුවන් ගණන 100 ඉක්මවා තිබේ.

මේ අතර, රුසියානු රජය පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ ඥාතීන්ට එරට මුදලින් රුබල් මිලියන 3ක් සහ තුවාල ලැබූ පිරිස සඳහා එක් අයෙක් වෙනුවෙන් රුබල් මිලියනයක් ලබාදීමට කටයුතු කරන බවය.

විදෙස් වාර්තා සඳහන් කළේ හමුදා සාමාජිකයින් ට සමාන ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් සිව්දෙනෙකු ප්‍රසංගයක් පැවති අදාළ ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තබා, අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

වෙඩි තැබීම සිදුකර තිබුණේ රොක් සංගීත කණ්ඩායමක් පවත්වන සංගීත සංදර්ශනයක් ආරම්භ වීමට මොහොතක් තිබියදීය.

සංගීත කණ්ඩායම වේදිකාවට පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර ප්‍රහාරය සිදුවූ අතර සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට ඉන් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

ආසන 6,200කින් සමන්විත රංග ශාලාව ඒ මොහොත වන විට ජනතාවගෙන් පිරී පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ප්‍රහාරයත් සමඟ ප්‍රසංගය පැවති ශාලාව තුළ ගින්නක් ද හටගෙන තිබේ. විනාඩි 15ක් හෝ 20ක කාලයක් ප්‍රහාරය සිදුකර ඇති බවද සඳහන් ය.

05දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව සඳහන්වේ.


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

මහින්ද අමරවීරගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

wedivistara

2024 පළමු කාර්තුවේ රාජ්‍ය අදායම් ඉලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් ලඟා කරගැනීමට හැකි වී තිබෙනවා – රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

wedivistara

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති

wedivistara

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ

wedivistara

ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්

Trending
wedivistara

මැයි දිනය සැම­රී­මට සියලු පක්ෂ සූදා­න­මින්

wedivistara

යකඩ පොලු­ව­ලින් පුද්ග­ල­ය­කුට පහර දුන් දෙන්නා කුඩු ජාවා­රම් චෝද­නා­වට රිමාන්ඩ්

wedivistara

රඹු­ක්යා­යේදී ඇල්ලූ ජාවාරමා රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර

wedivistara

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති ඇමැති ටිරාන් අලස් හමු­වෙයි

wedivistara

මහ­ජන විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කරන්න බෑ

wedivistara

අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක් විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා


NEWS ALERT