Local

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වාසි රැසක්

Monday, 12 February 2024 - 7:53 pm

  • තම ගිණුම අයත් බැංකුව සමඟ වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් පසු ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබා ගත හැකියි – මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් මහතා.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (12) පස්වරුවේ පැවැත්විණි.

NPCI Inte ational Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළෙඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරෙන අතර මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව මෙහිදී අනාවරණය කෙරිණි.

තම ගිණුම අයත් මූල්‍ය ආයතනය හා සම්බන්ධ වී වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබා ගත හැකි බව මෙහිදී අදහස් දැක්වූ මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සියලුම බැංකු හා මූල්‍ය ආයතන එම කේතය නිකුත් කිරීමට බැඳී සිටින බවද ඒ මහතා අවධාරණය කළේය.

බොහෝ ඉන්දියානුවන් QR කේත ගෙවීම්වලට පුරුදු වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිටින වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියානු සංචාරකයන්ට UPI-සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකි වේ.

දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් වන LankaQR මඟින් QR කේතයක ස්කෑන් කිරීමකින් සරලව ගෙවීම් සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ.

මෙමඟින් සිදු කෙරෙන ගෙවීම් අදාළ ගිණුමට ශ්‍රී ලංකා රුපියල්වලින් බැර වන අතර එය කෙටි පණිවිඩයක් මඟින් එසැණින් දැනුම් දෙනු ලබයි.

එලෙස ලබන ආදායම ඔවුන්ගේ ගිණුම්වලට බැර වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මාස 06ක් වැනි කෙටි කාලයකින් බැංකු ණය ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

මෙහි දෙවැනි අදියරේදී මෙම ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේදී මේ ආකාරයෙන් QR කේතය හරහා ගෙවීම් කිරීමේ පහසුකම ලබා දීමට අපේක්ෂා කෙරේ.

LankaPay සභාපති ආචාර්ය කෙනෙත් ද සිල්වා , LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා, LankaQR ක්‍රියාත්මක කිරීමේ කමිටුව වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ඩිජිටල් බැංකුකරණ) රන්දිල් බොතේජු, Fintech නියෝජනය කරමින් LOLC සභාපති කොන්රඩ් ඩයස් යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT