Local

ජනතාව ඡන්දය දෙන්නේ මටයි.. මා වටා සිටින අයට නොවේ..- ජනපති

Wednesday, 07 August 2024 - 5:46 pm

ජනතාව ඡන්දය දෙන්නේ තමන්ටත් තමන්ගේ වැඩපිළිවෙලටත් බවත් තමන් වටේ සිටිනා අයට නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරයා සමග එක්ව සිටින පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් බොහොමයකට චෝදනා එල්ල වන බැවින් ඒ සම්බන්ධයෙන් දී ස්ථාවරය කුමක්දැයි කළ විමසමකට ප්‍රතිචාර ලෙස ඔහු එසේ කියා සිටියේය.
මැති ඇමතිවරුන්ට චෝදනා ඇත්නම් එය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින්ම නිවැරදි කරනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා තමන් ස්වාධීනව ඉදිරිපත්ව ඇති නිසා ඕනෑම කෙනෙකුට තමන්ට සහාය දැක්වීමට ඉදිරිපත් විය හැකි බවද කියා සිටියේය.
මන්ත්‍රීවරයකුට චෝදනා ඇත්නම් තමන් ජනාධිපති ලෙස ඒ වෙනුවෙන් පෙනී නොසිටින බවත් දඩුවම් ලබාදීමට හැකියාව ඇත්තේ අධිකරණයට බැවින් එම ක්‍රියාවලියට තමන් බලපෑම නොකරන බවත් ඔහු තවදුරටත් එහිදී පැවසුවේය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT